Tuesday 30 October 2012

ලෝක විනාශය ,ලෝක මහා ජලගැල්ම හා නෝවාගේ නැව

ලෝක විනාශය ,ලෝක මහා ජලගැල්ම හා නෝවාගේ නැව
         බයිබලයේ එන පුරාවෘත වල ඈත අතීතයේදී අප පෘතුවිය උසම කදු වලටත් වඩා උසට ජලයෙන් යටවී තිබූ බව සදහන්ව ඇත.මිනිසා මැවීම ගැන පසු තැවිලි වූ දෙවියන් වහන්සේ මෙසේ කී බව බයිබලයේ සදහන් ව තිබේ.
      " පෘථිවි මුහුනතින් ( එනම් පෘථිවි පෘෂ්ථයෙන් )මා මැවු සියළු දෙයම එනම් මිනිසාගේ සිට හරකාත් උරගයාත් පක්ෂියාත් දක්වාත් සියළු දෙයම විනාශ කරමි."
       දෙවියන්ට ආරක්ෂා කිරීමට අවැසි වු එකම මිනිසා ධර්මිෂ්ථ නෝවා පමනි.එම නිසා දෙවියෝ තමන් කරන්නට යන ලෝක විනාශය කළින්ම ඔහුට දන්වා රියන් 300 පළල රියන් 50 ක් උස රියන් 30 ක්වු නැවක් (බයිබලයේ මෙය ආර්ක් නමින් හදුන්වා ඇත.)සෑදීමට නියම කරන ලදී.මෙම නැවෙහි තට්ටු තුනකි.නැවෙන් නෝවා සහ ඔහුගේ පවුලේ සියළු දෙනාමත් වැඩිමහල් දරුවන්ගේ පවුල්ද පමනක් නොව ලොව සියළු සත්වයන් ද ආරක්ශා කරගත යුතුවිය.එමෙන්ම දීර්ඝ කාලයකට සෑහෙන ආහාරද මෙම නැවෙහි ගෙනයාමට නෝවාට සිදුවන්නනේ දේව කැමැත්තටය.
                      ලෝකය විනාස කිරීමට දෙවියන් තෝරාගන්නා මාධ්‍යය මහා ජල ගැල්මකි.
                      දින හතකට පසු එය ඇරභිනි.
                      දවස් 40 ක් හා රාත්‍රී 40 ක් නොකඩවා වැසි වැටිණි.
සියළු වස්තුව විනාසව මහා කදු මුදුන් වලටද උඩින් ජලය ගලා පෘථිවි පෘෂ්ථය යෙන ජීවය අතු ගා දමන ලදී
දින 110 කට පසු ජලය අතුරුදන් විය.
නෝවා විසින් රැකගත් සතුන් නව ජීවයක් ඇති කරනු පිණිස විසිර ගියහ.
මෙහිදී ගැටලු දෙකක් මතුවේ
1)උසම කදූමුදුන් යටවන තරමේ ජල ගැල්මක් ඇතිවිය හැකිද?
2)නෝවාගේ නැවෙහි පෘථිවියේ වෙසෙන සත්ව වර්ග සියල්ලටම ඉඩ තිබුනේද?
මෙම ප්‍රශ්න දෙකටම ගණිත ආධාරයෙන් විසදුම් සෙවිය හැකිය.
ඉතිරිය හෙට.........
උපුටන ලදී -වයි පෙරල්මාන් ගණිත විනෝදය.

Friday 26 October 2012

තවත් පිරමීඩ ජාවාරමක්

                                පිරමීඩ කුමය ලංකාවෙ තහනම් ව්‍යාපාරයක් මේ ක්‍රමය නිසා පහුගිය කාලෙ හුග දෙනෙක් අන්ත අසරන වුනා කූට උපක්‍රම වලින් මිනිස්‍රන් රවටන මේ ව්‍යාපාරයට තියෙන්නෙ ඉතා දිගු ඉතිහාසයක් මේ කියන්න යන්නෙත් ඒ වගේම පිරමීඩ  ව්‍යාපාරයක් ගැන මේක ලබෙට පාපැදි ගන්න ක්‍රමයක් ඇත්තටම මේ ක්‍රමය  හරිම වාසියි කියල හිතෙවි ඒත් බලාගන්නකෝ මේකෙ තියෙන ප්‍රබල වංචාව පහත සදහන් වෙළද දැන්වීම බලන්න.

khhhgj

            විප්ලවයට පෙර රුසියාවේ වෙලෙන්දෝ තම බාල භාන්ඩ විකුනාගැනෘම සදහා නොයෙක් කූට උපක්‍රම යෙදූහ . විදේශීය රටවල වර්තමානයෙදීද මෙය සිදූවේ .පුවත් පතක හෝ සගරාවක ඉහත පරිදි දැන්වීමක් පළ කල ඔවුන් තම ව්‍යාපාරය ආරම්භ කළා.

          ඇත්ත වශයෙන්ම මේ පුදුම දැන්වීම ගැන විස්තර එවන මෙන් බොහෝ දෙනෙක් මේ වෙළද සමාගමට ලියුම් යැවූහ.

            එම විස්තර පත්‍රිකා වල මෙසේ සදහන් විය.

      රූබල් 10 කට ඔබට විස්තර පත්‍රිකා හතරක් ලැබේ .ඒ ටිකට් පත් හතර යහළුවන් 4දෙනෙකුට විකුනා මුදල සමාගමට එවිය යුතුය. එවිට ඔබට පා පැදිය ලැබේ .ගැනුම් කරුවාට පා පැදිය සදහා වියදම් වූයේ ඇත්ත වශයෙන්ම රූබල් 10කි.ඉතිරි මුදල වන රූබල් 40 ගෙවන ලද්දේ වෙනත් පුද්ගලයින් විසිනි.මෙහිදී රූබල් 10 ය ගෙවීම හැර ටිකට් 4 මිතුරන් අතර විකිනීමට ඔහුට සුළු වශයෙන් වෙහෙසීමට සිදුවිය.එය මුදල හා සසදන විට ඉතා සුළු මුදලකි.

             ඒ ටිකට් පත් මොනවාද?රූබල් 10ය බැගින් එවා මිලදී ගත්තවුන් එයින් ලද ලාභය කුමක්ද?

මෙතනින් තව දුරටත් දැනගන්න.

උලලේනා හෙවත් මළගමක පෙර නිමිති කියන්නා

        පාළු මූසල රාත්‍රියක ඔබට ඇසෙන උලමෙකු ගේ විලාපය හද සලිත කරවන තරම් නොවෙද? මේ ලිපිය ලියන්නට හිතුනේ උලලේනා වටා ගෙතෙන ජනප්‍රවාද රාශියක් නිසාවෙනි .උලලේනා වටා ගෙතෙන හද සසල කරවන කතා අපමන පවතින අතර ගමින් ගමට එම කතන්තර වෙනස් වෙනස් ආරවල් ගනී.පාළුවේ තනිකමේ සංඛේතයක් ලෙස ගිනිය හැකි උලලේනා ඔබේ හදවතේ පාළුව ස්පර්ශ කරන්නේ ආධ්‍යාත්මයේ ගැබුරු තැන් ස්පර්ශ කරමිනි.සමහර විට ඔබ උලමෙකුගේ විලාපය නො ඇසූවකු වන්නට පුළුවන

උලමා හෙවත් උලලේනා වටා ගෙතෙන අප්‍රකට ජනප්‍රවාද.

Thursday 25 October 2012

අප්‍රකට කළුවල ඇල්ලේ තවත් තොරතුරු

                                  මේ සුන්දර දිය ඇල්ල ගැන ඊයේ පළ කල ලිපිය ගොඩක් දෙනා බලල තිබුණු නිසා තවත් තොරතුරු ටිකක් මේ ගැන ලියන්න හිතුන ලංකාවෙ අපි නොදැක්ක නොදන්න දේවල් අපමනයි කියල කවුරුත් දන්නවනෙ මේ දිය ඇල්ලත් එහෙම හුග දෙනෙක් නොදන්න ලස්සන තැනක් පහත සේයා රූ බලන ඔබටත් එහෙම ශිතෙනව නේද?

Image1714

IMAG0235

IMAG0246

දිය ඇල්ලෙ ලස්සන වගේමයි අවට පරිසරයත්

තව බලන්න

Wednesday 24 October 2012

රටෙන් වසන් වූ අප්‍රකට කළුවල ඇල්ල

       ඔබ ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇලි වෙත අනන්තවත් ගිය අයකු වන්නට පුළුවන නමුත් ඔබ නොදන්නා දිය ඇලි විශාල පුමානයක් ලංකාව තුළ පවතියි.තවමත් ස්වාභාවික සුන්දරත්වය නොකිලිටි වන සේ රැකගත් තවත් දිය ඇල්ලකි කළුවල ඇල්ල යගිරල වන රක්ෂිත මායිමේ පිහිටි මේ සුන්දර දිය ඇල්ල ඒ අවට ගැමියන්ට නම් අරුමයක් නොවේ .රක්ෂිත මායිමේ පිහිටන මේ දිය ඇල්ල අවට අති සුන්දර වන අරණත් ඔබේ මනස ප්‍රෙබා්ධමත් තරන්නට සමත් වෙයි.

Image1713ම

Image1713

සුන්දර තුරු ලතා හා මෙහි ජලයේ වෙසෙන මසුන් ඔබේ දෙනෙතට රසදුනක් වනු නොඅනුමානය.වෙද මාළුන් ගැන ඔබ අසා තිබේද ගල් පඩේරු යන නමින් ද හදුන්වන මේ මත්ස්‍ය විශේෂය මෙහි එන ඔබගේ පෙතුල් හා දෙකකුල් සම්භාහනය කරනු ඇත.අනාරක්ෂිත බවෙන් තොර දිය නෑමකට නම් ඔබේ තේරීම කළුවල ඇල්ලම විය යුතුය .

IMAG0261

IMAG03232

IMAG0240

තව බලන්න.

මං මුලා වැල්.

        පුරාවෘත වල එන ගැමියන්ගේ විශ්වාස අතර බෙහෙවින් සාකච්ඡාවට බදුන් වන මේ අරුම පුදුම වැල් විශේෂය ඇත්තටම පවතින්නක් ද?

      මග මුලා කරන මෙම වැල් විශේෂය ඇසින් දුටුවකු මට හමු නොවුනත් ඒ පිළිබද පුරාවෘත දන්නා අය බොහෝ වෙත් සිංහරාජය අවට ගම් හා ඒ ආසන්න ප්‍රදෙශයක ගැමියෙකුගෙන් ඔබ මං මුලා වැල් ගැන අසන්න ඔබට කියන්නට ඔහු ළග ඒ හා බැදුනු ජනපුවාද ඕනෑ තරම් ඇත.

             මේ කියන්නට යන්නේ සිංහරාජයේ මං මුලා වැල් ගැන නොවේ .තවත් මං මුලා වැල් ගැන ප්‍රසිද්ධ ප්‍රෙද්ශයක් ගැනයි.

Map picture

යගිරල රක්ෂිතය.

       යගිරල රක්ෂිතය ආසන්න ගැමියන් මේ වැල් ගැන බෙහෙවින් විශ්වාස කරත් මෙහි ගැමි ලියන් දර සොයනු පිණිස යන්නේ තනිවම නොව කන්ඩායම් වශයෙනි හෙතුව නම් මං මුලා වැල් පෑගේය යන බියෙනි .කිසියම් ගැමියෙකු වනාන්තරයට ගොස් එන්නට ප්‍රමාද කල නිවැසියෝ බිය වදින්නේ ඔහුට මංමුලා වැල් පෑගී ඇත්දැයි බියෙනි.

මෙම ජනප්‍රවාදය ඇත්තක්ද?

              වැලක් පෑගුනු සැනින් ආ මග අමතකව යනවා යැයි කීම පිලිගන්නට ඔබ මැලිවෙනවා ඇත.මේ පිලිබදව මම ගමෙහි යමක් කමක් දන්නා වැඩිහිටියෙකුගෙන් දැන ගතිමි.ඔහු විශ්‍රාමික විදුහල් පතිවරයෙකි.ඔහු කියන ලෙස මෙම වැලෙහි පත්‍ර හා කදෙහි ඇති විශ සහිත බූව පෑගීම නිසා ශරීරයට ඇතුළුවන විස මේ මග අමතක කිරීමට හේතුවයි.

Map picture

මං මුලා වැල් පෑගීම නිසා මග අතරමං වු කිහිප දෙනෙකුගේ නම් ඔහු මා සමග කීවද ඒ අයගෙන් කිසිවකුත් මට හමු නොවුනේ අවාසනාවටය.

“පෑගුනොත් කැලේ මුලා වෙනව හක්කළං කරල කරල කොහේ හරි ගමකින් මතු වුනොත් දෙයියන්ගෙ පිහිටයි.නැත්තං ඉතින් වෙන්නෙ කැලේම මියදෙන්ට”

මේ වැල් පෑගුනු අයට වන විපත ඔහු කීවේ මා යාමට හැරෙන විටය.

මේ ගමනේ දී මට අපූරු තැනැත්තියක් හමු විය.අවාසනාවට ඈ මා ඇසු කිසිවකුට පිළිතුරු නොදුනි.

ඈ ගැන කීවේ අසල් වැසි කතකි

           මෙයාගෙ ඔළුව හොද නෑ ඉස්සර දර කඩල ජීවත් වුනේ මාස ගනන් කැලේ ඉන්නව ඉස්සර හොදට හිටිය.මිනිස්සු කියන්නෙ මං මුලා වැල් පෑගිලයි ඔළුව නරක් වුනේ කියල පවු කාත් කවුරුත් නැති ගෑනි.ඈ හට කිසියම් සංවිධානයකින් නිවසක් තනා දී ඇත .අරුමය ඊට පෙර ඇය ජීවත්ව ඇත්තේ ගල් ගුහාවක වීමයි.

මං මුලා වැල් ඇතයි මෙහි ගැමියෝ සියයට අනූවක් විස්වාස කරත්

බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් මගින් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන හැටි.

ගිජු ලිහිනියා.
පරිගණකයේ හාඩ් ඩිසක් එකෙහි තොරතුරු අන් අය විසින් පරිහරනය කිරීම වැලැක් වීමට ඒවාට අගුළු යෙදිය හැක මෙය එන්ක්‍රිප්ට් කිරීම නමින් හදුන්වයි. මෙය කිරීමට විශේෂ මෘදුකාංග අවශ්‍ය නමුත් ඔබගේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් අල්ටිමෙට් හෝ එනටප්‍රයිස් යන සංස්කරන දෙකන් එකක් නම් එම සංස්කරන හරහා ඔබට පහසුවෙන් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කළ හැක.මෙය හදුන්වන්නේ බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් යන නමිනි.
මෙමගින් ඇතිවන වාසි-දත්ත අන් සතු වීම වැලැක් විය හැකි වීම.
                             දත්ත සදහා වන උපරිම ආරක්ෂාව.
                             නිත්‍ය පරිශීලකයාට පමනක් වන පශසු භාවිත ගුනාංග
කොහොමද ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන්නේ -
මෙන්න මෙහෙමයි
Smile පළමු පියවර
         ස්ටාර්ට් –කන්ට්‍රෝල් පැනල්-සිස්ටම් ඇන්ඩ් සෙකියුරිටි පැනල් ක්ලික් කරන්න.
capture-20121022-201028
Open-mouthed smileදෙවන පියවර
දැන් විවෘත වුනු සිස්ටම් ඇන්ඩ් සෙකුරිටි පිටුවෙන් බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් මත ක්ලික් කරන්න.(පහත පරිදි)
capture-20121022-201547

Tuesday 23 October 2012

Darling-(ප්‍රියාව)

ඔලෙන්කා තම පියාගෙන් හිමිවුනු ගේකුත් වත්තකුත් ඇත්තියකි. නාට්‍ය ශාලාවක කළමනාකකරුවකු වන කුකින් වැසි සුළං දවසෙහි ජනයා නාටක බැලීමට නොපැමිනීම නිසා අලාභ විදියි.හොද උසස් නාටකයක් දක්වන දවසෙහි ජනයා නොපැමිනීම නිසාද අලාභ විදියි.ඹහු පහළ පන්තියේ විගඩමක් පෙන්නා ලාභ ලැබීමට සිතයි. ඔහු තමාට සිදුවන අලිභයත් තමා විදීන දුක් පීඩාත් ඹලෙන්කා ඉදිරියෙහි කියයි.
ඹහුගේ විපත දකින දුක් පීඩා අසන ඹලෙන්කාගේ සිතෙහි බලවත් අනුකම්පාවක් උපදියි .ඈ තම පියා ජීවත්ව සිටියදී පියාට ඇල්ම කලාය නැන්දාවක පැමිනි විට ඈට ආලය කළාය පාසැලහෙදි ඈට ප්‍රන්ස බස ඉගැන්නූ ගුරුවරියට ආලය කළාය.ඈට කිසිවකුට ආලය නොකොට ජීවත්විය නොහැකිය.
නාටක ශාලාවේ සිට කුකින් ගෙදර යනවිට දොරකඩ අවුරා සිටින තිර රෙද්ද අතරින් ඈ මහු දෙස බලා ඹහුට සිනාවකින් සංග්‍රහ කරයි.ටික දවසකින් පසු ඹහු ඈට විවාහ යෝජනාවක් කරයි.ඹහු විවාහ වුනු පසු ඈ ඹහු නාටකය ගැන කියන හැම වදනක්ම කියයි.ඹහු නාටකය ගැන සතොස් වදන් කියන කල ඈ දඒ වදන් කියයි .අලාභවීම නිසා දුක් මුසු තෙපුල් තෙපලන විට ඈ දතම යහළු ගෑනුන්ට හා පිරිමින්ට ඒ තෙපුල් ම කියයි.ඹහු හදිසියේ මිය ගිය විට ඈ දුකින් තැවෙමින් කාලය ගෙවයි.
                    කලකට පසු ඈ යළිත් දැවදඩු වෙලෙන්දකු සමග විවාහ වෙයි.ඔහු හා විවාහ වූ පසු ඈ තම සැමියා දැවදඩු ගැනත් ඒ වෙළදාම ගැනත් කියන තෙපුල්ම තෙපලයි. ඹහු සන්තෝශ වන විට ඈද සන්තෝෂ වෙයි.දුක් වන විට දුක් වෙයි.ඔහුගෙන් වෙන්ව ඈට දවසක දු ජීවත් විය නොහැකිය. ඹහු ගේ සුව පහසුව සදහා ඇ හැම දෙයක් කරමින් ඹහුගේ දැව දඩු වෙළදාමට උද වු කරනු පිණිස උදේ සිට හවස් වන තුරුම වැඩ කරයි .
             
                            නාටකයක්වත් බලන්ට යන්නේ නැත්තේ මොකදැයි යශළුවන් අසන විට ඈ කියන්නේ මෙසේය.
                නාටක බලන්ට යන්න මටත් මගේ සැමියාටත් කාලයක් නෑ නාටකයෙන් ඇති පලේ මොකක් ද?
               ඇගේ සැමියා දැවදඩු සොයන පිණිස දුර පළාතකට යයි. ඹහු සමග යන්ට නොහැකි වූ නිසා ඈ දුකින් කාලය ගෙවයි. ඹවුන් ඇසුරු කරන සමර්නින් නම් පසු වෙදෙක් ඇවිත් ඈ සමග කාඩ් සෙල්ලම් කරමින් ඇගේ ශෝකය තුනී කරන්නට වෑයම් කරයි.ඹහු තම බිරිද අනාචාරයේ හැසිරීම නිසා හැර දමා ජීවත් වන බවත් කුඩා පුතකු ඇති බවත් ඈට මසකට රූබල් හතලිහක් එවන බවත් ඹලෙන්කාට කියයි.
                   දෙවියෝ උඹ රකිනවා ඇතැයි ඔලෙන්කා මහත් අනුකම්පාවෙන් කියයි.මම සන්තෝෂ කරන්ට ආවාට නුඹට ස්තූති කරනවා දේව මෑණීයන්ගේ පිහිටෙන් උඹ ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්න ඕනෑ.
          ප්ලැටෙනිව් උඹ බිරිද සමග සාමදාන වී ජීවත් වෙන්න මහන්සි ගනින් උඹේ පුතාව සලකා ඈට සමාව දීපන් .
    ඔලෙන්කා තම සැමියා දැව දඩු රැගෙන ආ පසු පසුවෙදා පිළීබද පුවත ඔහුට කීවාය.ඔහුගේ පුතා ගැන ඈ කතාකලේ ශෝකයෙන් සුසුම් පිට කරමිනි.අනතුරුව දෙදෙනාම සුරුවම කරා ගොස් බිම වැතිර තමන්ට ළමයින් ලබාදෙන ලෙස ඇයදීය.
                              සා අවුරුද්දක් එක පණ සේ ජීවත් වූ අඹු සැමි දෙදෙනාගෙන් සැමියා වැස්සට තෙමීමෙන් හැදුණු හෙම්බිරිස්සාව නරක් වීමෙන් මළේය.
               හමසකට පසු ඈ පසුවෙදාගේ බිරිද ලෙස ජීවත් වුවාය .
                 දවසක පසුවෙදා ඈට මෙසේ කීවේය.උඹට නොතේරෙන දේ කතාකරන්ට එපායැයි මා කියා ඇති
පසුවෙදුන් වන අපි එකිනෙක කතා කරන විට මැදුදට පනින්ට එපා එලෙස කට දමන්ට යාම කන්දොස් කිරියාවකි.
                එහෙනම් මා කතා කරන්ට ඕනෑ මොකක් ගැනදැයි අසමින් කදුළු සැලූ ඈ ඔහු වැළද තරහා ගන්ට එපායි කීවාය.
                 පසුවෙදා යුද සේවයට ගියේය .
              ඔලෙන්කා යළීත් තනිවිය.
                 කිසිවෙකු ට ආලය නොකොට ජීවත් වීම ඈට දුකකි.
කලකට පසුව පැසුනු කෙස් සහිත හිසකින් පසුවෙදා පැමිනියේය.
                  මම මගේ බිරිදත් පුතාත් සමග මේ පලාතේ පදිංචි වෙන්න ආවායි ඔහු කියයි.
   කෝ ඒ ගොල්ලෝ
  දෙන්නම හෝටලයක නවත්වා ආවා ඒ ගොල්ල එක්ක පදිංචි වෙන්න තැනක් හොයනවා
                         මම සතයක් ගෙවල් කුලි ගන්නෙ නෑ මොකටද වෙන වෙල් මෙහෙ නවතින්න ඈ කීවාය.
        පසු වෙදා තම බිරිදත් දරුවාත් රැගෙන ඔලෙන්කා ගේ නිවසට පදිංචියට ආවේය.
                සෂා නම් ඒ දරුවාට ඔලෙන්කා මහත් ලැදි වුවාය .
     යළිත් පිබිදුනු ඇගේ හද දයාවෙන් කරුනාවෙන් බර විය.
        ඈ සෂා තම දරුවකු මෙන් සලකා සතුටු විය.
සම්පූර්නයෙන් ජලයෙන් වටවුණු බිම් පෙදෙස දූපත වෙයි .කියමින් සෂා පොත් පාඩම් කරයි.
ඔලෙන්කා ද එයම කියයි.
කලකට පසු දරුවාගේ මව ඇගේ දෙමා පියන්ගේ ගමට යයි.
ඔලෙන්කා සෂා තමා වෙතම බදවා ඔහුට උගන්වයි.
කලකට පසු එන විදුලි පුවතක් ඈ කඩන්නේ වෙවුලන දෑතෙනි .ඇගේ ශෝකයට හේතුව විදුලි පුවත සෂා ආපසු තමා වෙත ගෙන්වා ගනු පිණිස මව විසින් එවන ලද්දක් යැයි සිතීමයි.
එහෙත් විදුලි පුවත එවැන්නක් නොවේ.
           මාර්ටින් වික්‍රමසිංහ-චැකොප් හා ලංකාව කෘතියෙන් උපුටන ලදී.

Monday 22 October 2012

දාර්ශනිකයා.

අශ්වයෙක් මිලදී ගත් එක්තරා මිනිසෙක් රාත්‍රී කාලයේදී ඌ ආරක්ෂා කර ගැනීමට මිනිසෙකුට පැවරීය.රාජ කාරිය හරියට කෙරෙන්නේදැයි විමසා බැලීමට අශ්ව හිමියා හැන්දෑ යාමයේ පිරික්සුම් සවාරියක ගියේය.මෙසේ යනවිට නිදා සිටි මුරකරු දුටු අශ්ව හිමියා මහත් සේ මුරකරැට බැන වදින අතර මුරකරු පැවසුවේ නිදිවර්ජිතව සිට නුහුරු බැවින් සුළු පමාවකින් ම ඇස් පියවෙන පියවෙන බවයි.මෙයට උපායක් ලෙස අශ්ව හිමියා මුර කරුට පවසා සිටියේ

                                   ගැබුරු දාර්ශනික දේ කල්පනා කරන විට නින්ද නොයන බැවින් එවැනි දේ කල්පනා කිරීමෙන් අශ්වයා ආරක්ෂා කරගත හැකි බවත්ය

අශ්ව හිමියා පූර්ව රාත්‍රී භාගයේ දී නැවත පැමිනියේය.එවිට අහස දිහා බලගෙන සිටින මුරකරු දුටු හෙතෙම නැවතත් මුරකරු නින්දට වැටී ඇතැයි සිතා ළගට කිට්ටු වූ අශ්ව හිමියාට මුරකරු අවදිව සිටිනවා දකින්නට හැකිවූවා පමනක් නොව තමා කීලෙසම දාර්ශනික දේ කල්පනා කරමින් සිටින බවද පෙනී ගියේ මුරකරු ඇසූ ප්‍රශ්නයෙනි.

              නෑ සර් මම මේ කල්පනා කලේ අහසට තරු ගෙනත් දැම්මද අහසින් තරු ඉබේ හටග්තද කියලා

තමාගේ වදන අකුරටම පිළිපදින මුරකරු ගැන පැහැදෙන අශ්ව හිමියා ඹහුට මහත් සේ ප්‍රශංසා කොට ගියේ යළි රෑ මැදියම පැමිණ පරීක්ෂා කරන අටියෙනි.

           අශ්වහිමියා රෑ මැදියම එනවිට මුරකරු හිටියේ බිම බලාගෙනය.මෙවර නම් මුරකරු නින්දට වැටී ඇතැයි සිතූ අශ්ව හිමියා ඹහුට ළං වී අවදි කිරීමට යයි සිතා උරහිසට තට්ටු කරත්ම මුරකරු කියා සිටියේ

           නෑ සර් මම මේ කල්පනා කලේ මුහුදට වැලි කවුරු හරි ගෙනැල්ල දැම්මද මුහුදින් වැලි ඉබේ ඇති ඇති වුනාද කියාය.

            ක්‍රියාවලිය අඛන්ඩව ගලායාම පිළිබදව මහත් සතුටට පත් වූ අශ්ව හිමියා මෙවර පිටව ගියේ මුරකරුගේ පිටට තට්ටුවක් ද දමාය.යළිත් පාන්දර යාමයේ පරීක්ෂාවට පැමිනෙන අශ්ව හිමියාට දකින්නට ලැබුනේ මුරකරු කලින් මෙන් උඩ-බිම නොව කෙලින් මඅනන්තය දෙස බලා සිටිනවාය.මෙවර නම් දාර්ශනික ගැටලුව විශාල එකෙකැයි සිතා එය විමසන්නට අශ්ව හිමියා මුරකරුට ළං වෙද්දීම ඹහු කීවේ දෙලෝ රත් වෙන කතාවකි.

                       නෑ සර් මං කල්පනා කලේ අශ්වයාව කවුරුහරි හොරකම් කරගෙන ගියාද නැතිනම් ඌම හිතල ලිහාගෙන ගියාද කියල

අහ්වයා ඉස්තාලයේ නොමැති බව අශ්වහිමියේ දුටුවේ එවිටය.


Sunday 21 October 2012

“If no one heeds your call, walk alone”.

කිසිවෙක් ඹබේ හඩට කන් නොදේ නම් ඹබත් සමග නොඒ නම්

Sad smileඹබ තනිවම පියවර තබන්නEmbarrassed smile

Thumbs up


ලෙනින්ගෙ ඉගැන්වීම

ar1003078-1

උගැන්වීම පුහුණුව

හා

ශික්ෂණය පාසල්

පංති කාමරයට

පමණක්

සීමාවී

තිබේනම්

හා

ජීවන කැළබිල්ලෙන් වෙන් වී

තිබේනම් අපට එය ගැන

විශ්වාසයක්

තැබිය නොහැකිය.

ගිජු ලිහිනියා

Saturday 20 October 2012

Hibernate

ඹයාගෙ පරිගනකයත් Hibernate කරමුද?

මොකක්ද  මේ Hibernate කියන්නෙ.
                  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බූට් වෙන්න ලොකු වෙලාවක් ගන්නව කියල ඹයාල දන්නවනෙ.
ඇත්තටම හදිසි වෙලාවට ඒක කරදරයක් ඒ වගේමයි ඹයාල හුග දෙනෙක් පරිගනකය ෂට් ඩවුන්කරන්නෙ ප්‍රධාන ස්විච් එකෙන්නෙ ඒක ඹයාගෙ පී.සී එකට ගොඩක් හානි දායකයි කියල ඹයා දන්නව ඒත් පියවරෙන් පියවරට ගිහින් පරිගනකය  ෂට් ඩවුන් කරනවට වඩා ප්‍රධාන ස්විච් එකෙන් ෂට් ඩවුන් කරන ලේසියි මේ සිදුධියෙන් පරිගනකයට වන හානිය අවම කරන කෙනා තමයි Hibernate කියන්නෙ.

 Hibernate වල තියෙන වාසි මොනවද
  1. ආරක්ෂා සහිතව ප්‍රධාන ස්විචයෙන්ම වින්ඩෝස් ෂට් ඩවුන් කල හැකි වීම.
  2. නැවත පරිගනකය ඹන් කිරීමේදී ඉතා ඉක්මනින් මෙහෙයුම් පද්ධතිය බූට් වීම.
අවසන් වරට (ඉහත කී ලෙස පරිගණකය ෂට් ඩවුන් කරන විට) පරිගනකයේ ක්‍රියාතමක ව තිබූ වැඩ සටහන් කිසිදු හානියකින් තොරව එලෙසින්ම ක්‍රියාත්මක වී තිබීම.
  • කොහොමද  Hibernate කර ගන්නේ
  1. start ක්ලික් කර control panel තුලින් power option හොයාගන්න.(පහත රූ සටහන ආදරශයට ගන්න)
  •  ඒක ක්ලික් කරහම එන වින්ඩෝවෙන් require a  password on wakeup යන්න මතද ක්ලික් කරන්න.(පහත 2 රූ සටහන ආදරශයට ගන්න)
2.
  • ඊට පස්සෙ මතුවෙන වින්ඩෝවෙන් යටතේ ඇති ඹප්ෂන් අතරින් Hibernate යන්න තෝරා ක්ලික් කරන්න.(පහත 3 රූ සටහන ආදරශයට ගන්න)
3.  


 දැන් ඹයාගෙ පරිගණකයේත්  Hibernate තියෙනව දැන් බය නැතුව ප්‍රධාන ස්විචයෙන් ෂට් ඩවුන් කරල බලන්න ඒ වගේමයි පරිගණකය ශට් ඩවුන් කරන වෙලාවෙ ඹයා කරපු හැම වැඩක්ම නතර කරපු තැන ඉදන් ආයෙත් කරන්න ඹයාට පුළුවන් සරලයි නේද.
කරපු අය කමෙන්ට් කරන්න 
තේරුනේ නැති අය නොතේරුනු  තැන ගැන අහ ගන්න.

මගේ සිහිනය

පුංචි දවස් වල මට ලොකු හීනයක් තිබ්බ වාහන ගැන

මං පුචි සන්දියේ අපේ තාත්ත එයාට හම්බවෙන සොච්චං පඩියෙන්

මට හැම මාසෙකම වාහනයක් ගෙනත් දුන්න

                       ඒ වාහන අතර-කාර්

                                            වෑන්

                                            පැජරෝ

                                            ජීප්

                                            ලොකු ඩෝසර් කැට පිලර් තිබුන

ඒව අපේ තාත්ත පේමන්ට් එකෙන් ගේන බාල සෙල්ලං බඩු යි කායල මං

හිතුවෙ නෑ

ඒත් මං ටික ටික උස් මහත් වෙනකොට

අපේ තාත්තත් දුප්පතෙක් කියල මට දැනුන

පොඩි කාලෙ මගේ ලෝකෙ රජ්ජුරුවො තවත් දුප්පතෙක්

විතරයි

ඉතිං මං කොහොමද පොඩි කාලෙ වගෙ තාත්තගෙන් වාහන ඉල්ලන්නෙ

මං මගේ හීනෙට හීනයක් වෙන්නම  ඉඩ දුන්න

සිය දිවි නසා ගැනීමක්


                                                               සිය දිවි නසා ගැනීමක්
දිනය-දෙදහස්  දොලහේ මැයි තුන් වෙනිදා
                        අමුත්තක් නොදැනෙන්න ලා හිරු රැස් එදත් මහ පොලොවට වැටුන.ඒ හිමිදිරි උදෑසන හරිම සීත සුළගකුයි තිබුනෙ ඒත් ඒ සීත සුළගත් එක්ක ආපු නරක ආරංචිය හැම මිනිස් ප්‍රානයක්ම උණුසුම් කලා සිය දිවි නසා ගැනීමක්
                  කවුද?
                  ඒ ඇයි.
    රංජනීලගෙ ගෙවල් පැත්තෙන් ඇහුනෙ මහ විලාපයක් හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා වගේ මිනිස්සු රංජනීලගෙ ගෙදට්ට ඇදුන.
         හැමෝම අනේ අපොයි කියද්දි ළගම නෑයො වැලපුන ඇගේ අම්ම නන්දාවතී සිහිසුන් වෙලා ඈ ව වත්තන් කරං තවත් ගෑනු දෙන්නෙක් කාමරයකට අරං යනව.
      රංජනීගෙ සය හැවිරිදි පුංචි පුතා ඒ විලාප සදදෙට නින්දෙන් ඇහැරිල අම්මව හොයනව
  එතකොට පොඩි එකාට මොකක්ද බොරුවක් කියල රංජනී ගෙ බාලම මල්ලි එයාව කොහෙදෝ එක්කං යනව.
               එතකොට කෝ රංජනී
               එයාට මොකද උනේ
 උළු සෙවිලි කල ඒ ගෙදර වහලය හුගක් පාතයි.
කාමර තුනයි.කුස්සියයි තිබුනු ඒ ගෙදර එක කාමරයක් තිබුනෙ පාළුවට රංජනී ගෙ බාල මල්ලි පිට කාමරේ
අයිති කරගෙන තිබුන ඉතුරු කාමරේ රංජනියි එයාගෙ අම්ම නන්දාවතියි පුංචි පුතයි හිටිය.රංජනී ගෙ මහත්තය
අසංක ඉන්නෙ සවුදි වල
                පාළුවට ගිය යට කියපු කාමරේ බාල්කයක රංජනී හිටියෙ එල්ලිලා
පැත්තට බර වෙච්ච ඹළුව දරදඩු වෙලා ගිය සිරුර හරිම භයානකයි දොරක් නැති ඒ කාමරේ දොර රෙද්ද ඈත් කර කර බය නැති මිනිස්සු රංජනී ව බලනව
'පත්තරෙං ඇවිත්' කවුදෝ කියනව
 'අනේ බුදු මහත්තයෝ පත්තරේට නං දාන්න එපා' රංජනී ගෙ නැන්දම්ම තමන්ගෙ පුතාගෙ නම්බුව බේර ගන්න හදනව
මරනයට හේතුව
               මරන පරීක්ෂක ඇවිත් මේ මරනය සියදිවි නසාගැනීමක් කියල තහවුරු කලා මරනයට හේතුව ගෙල සිරවී සු               ට දැඩි හානි සිදුවීම බව එයාම තහවුරු කලා.
ඇත්තටම මරනයට හේතුව එයද ඒ ගැන
මෙතැන් සිට සටහන් වන්නේ ඇගේ දින පොතින් උපුටා ගන්නා ලද සිදුවීම් කිහිපයකි.
සැ.යුතුය-යට සදහන් සිදධි මියගිය අය විසින් ඇගේ ම භාෂා විධියෙන් ඇගේ දින පොතේ සටහන් කරන ලද ඒවා වන අතර කතෘ විසින් වෙනස් නොකරන ලදී.
2009/07/04
              අද සුදු මහත්තයගෙ උපන් දිනේ
2009/08/21
              අසංක යාළුවෙක් ගෙ පාටි ගෙදරක ගියා
2009/08/22
              පුතාට උන ගත් දවස
2009/08/27
              මට දැන් යන්න ඹ්න
2009/10/11
              අවුරුදු දා හතරක් වවපු කොන්ඩය කපා දැම්මා
2009/10/15
              අම්මා ගේ පෙශර් පෙති...............(මෙම පිටුවෙහි ඉතිරි කොටස මිය ගිය තැනැත්තිය විසින් ඉරා දමා තිබුනි
2009/10/19
              ඇයි මං ජීවත් වෙන්නෙ අසංක වල් පෙරේතය
2009/12/12
              හරිම සතුටු දවසක් අද අසංක රට යනව
2010/03/26
              ලයිට් බිල් කාරය අද මං දිහා බැලුවෙ මහ මනමාල විදිහට
2010/04/02
              මං මහ පවුකාරියක් අජන්ත උබ තිරිසනා කාලකන්නිය
2010/04/03
              ජීවිතය දිහා හැරිල බලද්දි නෑ මං වැරදියි ඊයෙ වෙච්ච දේ ට අම්මෙ මට සමාවෙන්න අසංක දන්නවනං මාව මරාවි.
2010/07/21
              අජන්ත ට මූනටම කිව්ව
2010/11/12
               ගැල වීමක් නෑ මං මහ වේස ගෑනියෙක්
2011/01/07
              සුදු මහත්තයව පෙර පාසලට දැම්ම දවස
2011/02/03
              අම්ම මල්ලියි අක්කලහ ගිහිං අදට දවස් හතරයි මේ දවස් හතරම මට අජන්ත එක්ක ඉන්න වුන මම වැරදි නෑ එක අතකින් අසංක මාව බැලුවද
2011/04/10
මල්ලිට සැක හිතුනද දන් නෑ
2011/08/27
අම්මට අසනීප වුනෙ මං නිසාද මල්ලි මං ගැන අම්මට කිව්වද මට පිස්සු
2012/02/30
ඉස කකියනව ඹ්ක්කාරෙට වගේ මට මහ බයක් දැනෙනව අජන්ත නිසා මං අම්ම කෙනෙක් වෙන්න යනවද නෑ මට පිස්සු
2012/03/29
 අසංක  ජුනි මාසෙ එනවලු මම තීරනයක් ගන්නව
2012/05/01
          මං යනව පුතේ අසංක අම්ම ලොකු අක්කෙ මල්ලි සමාවෙන්න (මෙම පිටුව පුරා තීන්ත ඉරි)
ප.ලි
    අජන්ත යනු අසංකගේ නිවුන් සොහොයුරාය.

                
අනාගතයේදී අප ගැන සිතනු ඇත්තේ
මිනිස් සංහතියේ
කලබල සහිත කාලයක ජීවත් වුණු
මිලේච්ඡයන් ලෙසයි.
2100 වෙසෙන පරම්පරාවන්ට 
අප පෙනෙනු ඇත්තේ එලෙසයි.
මවුන් අප දෙස බලනු ඇත්තේ
අප අද ප්‍රාථමික සාමූහික
සමාජයේ 
මිනිසා දෙස
බලන ආකාරයටමයි.
21 වෙන සියවස පසුවන
හැම 
දශකයක්ම
වසර
1000කට සමානය.
පිදෙල් කස්ත්‍රො
පිදෙල්.අපේ කාලයේ
ආදර්ශය
80 පිටුව

Friday 19 October 2012

ඹබේ ඡන්ද හිමිකම

ඹබ ඹබේ ජන්ද හිමිකම ගැන දැන ගන්න කැමතිද
ශ්‍රී ලංකා මැතිවරන දෙපාරතුමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මේ වෙබ් සේවයට ගිහින් එන්න.
සැලකිය යුතුයි-ඹබගේ දිස්ත්‍රික්කය හා ජාතික හැදුනුම් පත් අංකය නිවැරදිව ලබාදෙන්න.
මේ ලින්ක් එක ක්ලික් කරන්න http://bit.ly/N9VCrg

ගැජට්

මෙන්න නියම සෝනි එරික්සන් දුරකතනයක්.
Sony Ericsson Xperia Arc S.(සෝනි එරික්සන් එක්ස් පීරියා ආර්ක් එස්)
                                            අලුත් කාලයේ තාරුණ්‍යට ඹබින ස්මාට් දුරකතනයක් නම් ඒ සෝනි එරික්සන් එක්ස් පීරියා ආර්ක් එස් ම විය යුතුය.මන බදිනා සිහින් හැඩයත් සිත් ගන්නා සුළු පෙනුමත් නිසා මෙය කාගේත් සිත් ගැනීමට සමත් දුරකතනයක් විය. 2011 අගෝස්තු මස නිකුත් කරන බවට ප්‍රධාන වශයෙන් තහවුරු කළ මෙම ස්මාට් පෝනය නිල වශයෙන් නිකුත් කලේ එම වසරේ සැප්තැම්බර් මසයේදී විය.

විශේෂාංග
        2G NETWORK   GSM 850/900/1800/1900
        3G NETWORK   HSDPA 900 /2100-LT 18I
               HSDPA 850/1900/2100/800-LT18a
   ප්‍රමානය-මිනුම්/125/63/8.7මි.මී
   බර ග්‍රෑම්-117
   තිර මාදිලිය-LED-BACKlit LCD capacitive touchscreen,16 m colors
   හඩ-vibration;mp3 ringtones
   මතකය-micro sd ,up to 32 GB ,8gb included 1GB (320 MB User-available)
   කැමරාව-8 mp/3264*2448 pixels ,autofocus,LED flash
   මෙහෙයුම් පද්ධතිය-ANDROID OS ,v2.3.4(GINGERBREAD)
   ලබා ගත හැකි වර්ණ-pure White/Midnight blue/misty silver/glose black/sakura pink
   ජී.පී.එස්-yes with A gps support
   බැටරිය-standard battery,Li-po 1500mAh
   කතා කලය-up to 7H 25 min(2G)/up to 7H 35 min(3G)
   අනෙකුත්-තව එකී මෙකී නොකී දේවල් රැසක් ම Sony Ericsson Xperia Arc S වල තියෙනව
       ගන්නවනම් ඉතින් Sony Ericsson Xperia Arc S ම ගන්න.

 ඉපැදෙමින් මිය දෙන්න

සදට මං මුලා වී
උනුහුමට ගින්දර සොයන
කතා නැතිව දොඩමළු වෙන
හීන අතර අතරමංව තාරුකා ගනින
'අ' යන්නට පෙර 'ආ' යන්න සොයන
ඉපැදෙන මැරෙන සිතුවිලි ගනින
අහංකාර ථීර්තයාත්‍රකයානනි
ඹය දිරා ගිය ඒ දන්ඩ
මග නොවේ ජීවිතය විදින්නට........

සිංහල ලිපි

ක්‍රි.පූ තුන් වන සියවසට අයත් මිහින්තලේ ලිපියක්-මෙය උත්තිය රාජ සමයට අයත් යැයි සැලකේ.

 ගමනි උති මහරඣහ ඣිති අබිතිශය
ලෙණෙ දශ දිගශ සගශෙ දිනෙ
මත පතශ අටය







තේරුම-
           ගාමිනී උත්තිය මහ රජු ගේ දියනිය වූ තිස්සා කුමරියගේ ලෙන දස දෙස සංඝයාට දෙන ලදී මවට හා පියාට යහපත පිනිසය

විශ්වාසය

කෙටි කතාව

                     විශ්වාසය

           මාස ගනනකින් පතිත වූ වර්ශාව ගහ කොල වසාගෙන සිටි කේඩෑරි මළානික ගතිය දුරු කිරීමට සමත් විය.අලුත් වැසසට පොලොවෙන් නගින අමුතු ජීව සුවද ගොවියෙකුගේ සිත ගත මෝහනය කරන තරමේ විය.
වර්ශාව නිසා හටගත් සතුට මේ මායිම් ගමේ අස්සක් මුල්ලක් නෑර පැතිරුනේය ඇත්තෙන්ම එය නියගයේ අවසානය විය.
                                  පොල් අතු වහලයෙන් රූරා වැටෙන ලොකු වැහිබිදු ටක් ටක් හඩින් මැටි පොලොවේ
ගැටෙන විට සමන්තිකා ගෙයි වු මැටි කොරහද ඇලුමිනියම් තාච්චියක් ද ගෙන විත් වැහි වතුර වඩාත් වැටෙන තැන් දෙකක තැබුවාය.
                                 'ගේ පුරාම තෙමෙනවා අප්පච්චී'
'කාලෙකින් වැටෙන වැස්සට කොයි ගේත් තෙමෙනව බං'
                                 ' අප්පච්චිට හීතලයි වගේ'
               සමන්තිකා ඇසුවේ තම පියා ඹලුවේ ඉදන් පෙරවා රෙද්දක ගුලිවී ස්තෝප්පුවේ හිරි කඩ වැදි වැදී සිටිනු දැකීමෙනි.
                      ' කෝ පොඩි එකා'
                  ඹය පිලිකන්නෙ කරදාසි ඹරු පද්දන්නෙ
                       ඉදල ඉදල වහින වැස්සට කොල්ලව තෙම්මන්න එපා යෝධියෙ'
තාත්තනෙ කොල්ලට කරදාසි ඹරු හදලදෙන්නෙ'
                       'කතා කරපං ගෙට'
සමීර ගෙට එන්න නේද කීවෙ
                       සීයෙ ඒ ඹරුව පෙගුන තවකක් හදා දෙන්නකෝ
අපොයි ඇගම තෙම්ම ගෙන
'පලයං ගෙට ගිහින් පිහිදා ගනිං'
                        සමන්තිකා කීවේ වැරෙන් පොඩි එකාගේ පිටට අතුලු පහරක් ද දෙමිනි
ආවු ..සීයේ අම්ම ගහනව නෙ
                            'කවද්ද බං මිගාර එනවයි කිව්වෙ'
රෑ කෑමෙන් පසු තාත්තා ඇසූ එම පැනයට පිළිතුරක් දෙන්නට සමන්තිකාට දෙවරක් සිතන්න්නට සිදු විය. අන්තිම වර මිගාර රැකියාවට ගියේ යලිත් මේ ගෙදර පස් නොපාගන බවට දිවුරීමෙන් පසුවය.ඒ සමන්තිකා
සමග ඇතිකරගත් ආරවුලක් දුර දිග යාම නිසාවෙනි.
                          'ඹය එන දවසක එන්නැතැයි.'
සමන්තිකා ගනනකට නොගෙන කීවාය.
             'කොල්ලට ඹඩොක්කුවේම නින්ද ගිහින් පවු ඊයෙ මිස් කියල පාට පෙට්ටියක් අරං එන්න කියල
ඒකවත් ගන්න සල්ලියක් මගෙ අතේ නෑ.
                         'මං යනව නිදා ගන්න තාත්ත දැන්ම නිදා ගන්නැත්තං නිදාගන්න වෙලාවට කුප්පිය නිවල නිදා ගන්න නැත්තං තෙල් අපරාදෙ'
                    සමන්තිකා ඹඩොක්කුවේ නිදා සිටින සිය සය හැවිරිදි දරුවා දෙ අත්ලෙන් හරහට වඩා කාමරයට ගෙන ගොස් ඇදේ තබා දරුවා ලගින් ම ඇලවුනේ තවත් දවසකට සමු දෙන්නටය.
ලිහා දැමූ හිස කේ අතින් සකස් කරගත් ඈ දිග සුසුමක් වා තලයට මුදා හැරියාය.
                 දොර ඇරෙන යලිත් වැසෙන හඩින් හා නිවසේ අදුර මකන්නට තිබූ එකම පහනද නිවි ගියේය
තාත්තා  අද වේලාසනම නිදියන්නට යන වග සමන්තිකාට දැනුනි.
                       චීත්ත රෙද්දකින් දරුවා පෙරවු ඈ තවත් චීත්ත රෙද්දක් ගෙන තමාටද පෙරවා ගත්තාය.
එළියේ තදින් වැටෙන වැස්සත් සාලයේ තැබූ ඇතිලියට වතුර වැටෙන ටක් ටක් හඩත් ඇරෙන්නට පරිසරය නිසලය එලියේ තදින් හමන සුලග නිසා වා කවුළු තුලින් සීතල සුලග ගෙට වැදී ඇග හිරි ගඩු නංවයි .සමන්තිකා සිය දරුවාට තුරුළු වූයේ ඒ සීතලෙන් ගැල වෙන්නට මෙනි.
                                        මිගාර යලි නොඑන වගට දිවුරා කීවේ තමාගේ වරදක් නිසාද?
සමන්තිකා සිතුවාය.
               පාරෙ යන මිනිහෙක් මූනට මුලිච්චි වුනාම කතා නොකර යන්න පුළුවනිද?
ගමේ උන් කියන කතා එයාටත් විශ්වාසයි.
                       මිනිහෙක් එක්ක කතා කල පලියට මම වල් ගෑනියෙක්ද?
මිගාර නම් පිස්සෙක්
                      නින්ද අහලකවත් නොතබා සිත අතීතයට ගමන් කරන වග සමන්තිකාට දැනුනි . ඇත්තෙන්ම ඒ අතීතයෙන් ගැලවෙන්නට ඇයට ඉඩක් නොතිබුනි මන්ද ඇගේ ජීවිතය ඒ අතීතය සමග තදින් යාවී තිබූ නිසාය.
                     බිස්නස් කියා මිගාර යන්නේ කොහිද ඇරත් ඒ ගිය පසු ඹහු එන්නේ ද මාස දෙකකට තුනකට පසුවය.මිගාර ගේ සෙල් පෝනය නිතරම කාර්යබහුලය ඹහු ගැන සැක සිතන්නට මේවා කාරනා නොවෙද
වරක් මිගාර ආ දිනක ඹහුගේ කලිසම් සාක්කුවක තිබී ඇයට ලියමනක් අසු විය.එහෙත් විස්තර කියවන්නට පෙර මිගාර එම ලියමන උදුරා ගත්තේ ඇයි.නියත ලෙසම මිගාරට අනියම් ඇසුරක් තිබිය යුතුය.
                       
වරක් ඈ මිගාරගෙන් මූනටම ඇසුවාය .
                ඹව් ගෑනියෙ උබ නැතුවට මට මේ රටේ ඹ්න තරං ගෑනු ඉන්නව
සමන්තිකා නින්දෙන් දගලන පොඩි එකාගේ අවුල්ව ගිය පෙරවන චීත්තය යලි සැකසුවාය.
ඒ මිනිහ ඹ්න දෙයක් හිතුවාවෙ මේ පොඩි එකාගෙ මූන බලාගෙන මං කොහොමද වෙන උං එක්ක මනමාලකං කරන්නෙ ඒ වෙන ගෑනු ගිය මිනිහ ගියාවෙ මං කොහොම හරි කොල්ලව බලා ගන්නව මට බැරි වුනු කාලෙක මේ පොඩි එකා නොවෙයිද මාව බලාගන්න ඉන්නෙ
                                                                          ඈ සිතුවාය.
වැස්ස තුරල් වන පාටක් නැත.සීතලෙන් මිදීමට සමන්තිකා සිය දරුවාට තව තවත් තුරුල් විය.

ප.ලි
    මිගාර යලි නො ආවේය.දෙදහස්තුනේ මාර්තු විසිදෙක සමන්තිකාගේ දරුවා මිය ගියේය.ඉන් අවුරුදු තුනකට පමන පසු සිය පියාගේ මරනයද සිදු වූයේ සමන්තිකා මෙලොව තනි කරමිනි.දැන් ඈ ගැබිනියකි
ඈ විවාහ වූයේ මාලු වෙලෙන්දකු සමගිනි.ඒ පියාගේ මරනයෙන් දෑ අවුරුද්දකට පසුවය.

සිතන්න තරම් අතීතයකුත් නැති
දකින්න තරම් අනාගතයකුත් නැති
තැවෙන්න තරම් වර්තමානයකුත් නැති
අපි
මහ පොලොවට බර මිනිසුන් නොවෙමුද?

ඈත නිල්වන් අහස විනිවිද
නැගෙන ඹබගේ යෝධ බුදු බද‍
මගේ සිත ගත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත
                                                                 .මහ ගම සේකරයන්

Thursday 18 October 2012

මට මතක් විය .'එදා'

වැස්ස පාර යන්න බැරි තරමටම' මඩ කඩිති අස්සෙ එරෙන ගෙවිගිය සෙරෙප්පු යුගල බේර ගන්න ඈ උත්සහ කලා අවාසනාවට මොහොතකින් එක සෙරෙප්පුවක්................

           අන්ධකාරය ළගා වූ පසු ඈ පිවිසීය එක් නවාතැනකට කෙබදු වීද එම නවාතැන ඇයට කිසිවෙකුත් නැති පාලු අදුරේ 
රැහැයියනි හඩ ලන්න පියාසර වවුලුවනි එන්න මා හා වසන්නට ඈ යදින්නට ඇත උනුනට
වැහි වතුර බේරෙන නැවතුමයි බස් නැවතුම .
සීතලට වැහි පිනි සමග ඇග වදින
නොතිබීය' ඈ සතුව පොරෝනයක් හෝ ශක්තියක්
උදෑසන
මිහිරි කුරුලු ගී අසන්නට 
ළාමක හිරු රැස් වල පහස විදින්නට 
නොසිටියාය ජීවතුන් අතර.
පීරාගෙන හමන හිරිකඩ සුළග කාමරයට වදින්නට පෙර වසා දමා ජනේලය
වහං වී ඇද මත පොරෝනය තුළ වකුටු වී සීතලෙන් මිරිකෙමින්

මට මතක් විය .'එදා'

ඈ 
මිය ගිය මහලු කත
අදවන් රුදුරු වැසි දිනෙක රෑ
උදෑසන මා දුටු ඇගේ අප්‍රානික වියපත් සිරුර.

කනාටු පොල් ගස.

              ගේ ඉදිරිපිට කනාටු පොල් ගස දෙස බලා සිටි සෝමා
                                 "මේ ගහ ලබන සුමානෙවත් කපා දාන්න ඕනෑ"
යයි මැටි පිල මත වාඩිවී සිටි සිය සැමීයාට කීවාය.
                               " මේ   අල්ලේ පනල්ලේ ඕවට සල්ලි කොහෙන්ද ගෑනියෙ"
                                                              කීයක් හරි අතේ තිබුන මේ වියදං උන කාලෙ හැටී
"තෙල් ඉවරයි
හාල් නෑ
පිරෙනව පොත යන්න බෑ කඩේ පැත්ත පලාතෙ"
                                             තමුසෙ ඔය කොහෙද යන්න හදන්නෙ මේ ඇදිරියෙ
          බෙල්ල වැල දාගන්න ලණුවක් ගේන්න යන්නෙ
                                             ඇයි තමුසෙටත් ලණුවක් ගේන්නද
අරං එනව අරං එනව මෙහෙ එකට හිටිය වගේ එහෙත් එකට ඉන්න බැරිය කාලකන්න් වෙලා
                                                     අනේ නෙදකිං මේ ගෑනිගෙ අවලං කට
                                'දරුවෙක් නැති කමත් එක්ක මමත් මේ කනාටු පොල් ගහ වගේ තනි වෙලා'
මං යන්නෙ කඩේට ගෑනියෙ හනික එන්නං
                 හාල් තුනපහේ ටික............
මං ලග ඇති සල්ලියක් නෑ
                එහෙනං රෑට බඩගින්නෙ ඉන්නව
රත්‍රිය උදාවිය.පසු දින සදුදාවකි ඉන් පසුව අගහරුවාදාවකි පසුව ඉන් පසුවත් දවස් වසර ගෙවී ගියේය.
දැන් ඈ මැහැල්ලකි . සැමියා මළ
කනාටු පොල් ගසත් නැත.
                                      එහි මතකයක් හෝ නොතිබුනි ඇගේ හද තුල
තිබුනිනම් එදා කී වදන මතකයෙහි ඈ සතුව
              අදත් තෙපලනු ඇත.
 'දරුවෙක් නැති කමත් එක්ක මමත් මේ කනාටු පොල් ගහ වගේ තනි වෙලා'

අනන්තය තෙක්.

දෑස් දල්වා ඈ  බලා සිටියාය .අනන්තය තෙක් විහිදනු නිල් අහස දෙස මොහොතක් සුසුම් හෙලමින් වාඩිවී පිල් කන්ඩියේ නිකට මත දෑතම තබා.
           වැලි කෙලින අවදියට ගෙන ගියා ඈ' ඇගේ සිත .
           නවතින්න මොහොතක් අපහැදිලි මතකය .
           රාත්‍රිය මනරම්ය ගයන විට පළගැටින් ගී 
           දුටුවාද අප්‍රසන්න මැඩියකු අදුර අතරින්  සරන 
           පෙනෙන නොපෙනෙන දුරක
           මාවතකි මිනිසුනු නොයෙන
           කිසිත් නොපෙනෙන දුරක
           අර හඩලන්නෙ උලමා කාගේ මලගමක පෙර නිමිත්තක්ද 
           අපැහැදිලි අනන්තය නෙත් යොමා බලන්නට එපා පෙරනිමිත්ත දකින්නට 
           හැකිය හැර ගියදා මෙලොව.
අවදිවී දැහැනින් ඈ අදුර වෙත සක්මන් කලා 
                             "වෙනස් විය සියල්ල එක් නිමේශයකින්" 
නොදත් කල ඈ.

ගිනි මකරා

ක්ශනයකින් ගිනි මකරා සියල්ල විනාස කර දැමීය .
රුදු විලසින් නොතබාම කා කෙරෙහිවත් අනුකම්පාවක්!
                                       ආවේය ඔහු අසපිටින්! වීරයා
                                       රැගෙන අසිපත
                                       ලෙලවා
                                       ඉදිරියට පැන
                                       ගිනි මකරා සමග
                         ඔහු ධ්වන්ද සටනක
                                        මොහොතකානි සිදුවිය
                                        කිසිවකු නොපැතූ නොසිතූ දෙයක්!
                                      වීරයා පැරදුනි යුධ පිටිය තුල ලේ වැකුනු
                                        පන අදින කල වැතිර
                                        දිය බිදක් පොවන්නට සිටියෝ කවරහුද?
                තවත් සුලු මොහොතක් ගෙවී ගියා.........
                          එක් මහලු ස්ත්‍රියක්
                          කුමරු අභිමුවට විත් සැලකලා බියෙන් මිරිකුනු මිනිසුන්ට
                                                     කුමරුගේ මරනය
                                          අහෝ!
                                          කිනම් විපතක්ද මේ
                                          සිදුවනු ඇත තවත් කුමරුවකු එනතුරු
                                          මකරාට මෙහෙ කරන්නට
                                          කිසිවකු මුමුනනු ඇසින
                  නොදොඩන මිනිසුන් අතර .