ගිජු ලිහිනියා
Tuesday, 30 October 2012
ලෝක විනාශය ,ලෝක මහා ජලගැල්ම හා නෝවාගේ නැව
බයිබලයේ එන පුරාවෘත වල ඈත අතීතයේදී අප පෘතුවිය උසම කදු වලටත් වඩා උසට ජලයෙන් යටවී තිබූ බව සදහන්ව ඇත.මිනිසා මැවීම ගැන පසු තැවිලි වූ දෙවියන් වහන්සේ මෙසේ කී බව බයිබලයේ සදහන් ව තිබේ.
" පෘථිවි මුහුනතින් ( එනම් පෘථිවි පෘෂ්ථයෙන් )මා මැවු සියළු දෙයම එනම් මිනිසාගේ සිට හරකාත් උරගයාත් පක්ෂියාත් දක්වාත් සියළු දෙයම විනාශ කරමි."
දෙවියන්ට ආරක්ෂා කිරීමට අවැසි වු එකම මිනිසා ධර්මිෂ්ථ නෝවා පමනි.එම නිසා දෙවියෝ තමන් කරන්නට යන ලෝක විනාශය කළින්ම ඔහුට දන්වා රියන් 300 පළල රියන් 50 ක් උස රියන් 30 ක්වු නැවක් (බයිබලයේ මෙය ආර්ක් නමින් හදුන්වා ඇත.)සෑදීමට නියම කරන ලදී.මෙම නැවෙහි තට්ටු තුනකි.නැවෙන් නෝවා සහ ඔහුගේ පවුලේ සියළු දෙනාමත් වැඩිමහල් දරුවන්ගේ පවුල්ද පමනක් නොව ලොව සියළු සත්වයන් ද ආරක්ශා කරගත යුතුවිය.එමෙන්ම දීර්ඝ කාලයකට සෑහෙන ආහාරද මෙම නැවෙහි ගෙනයාමට නෝවාට සිදුවන්නනේ දේව කැමැත්තටය.
ලෝකය විනාස කිරීමට දෙවියන් තෝරාගන්නා මාධ්‍යය මහා ජල ගැල්මකි.
දින හතකට පසු එය ඇරභිනි.
දවස් 40 ක් හා රාත්‍රී 40 ක් නොකඩවා වැසි වැටිණි.
සියළු වස්තුව විනාසව මහා කදු මුදුන් වලටද උඩින් ජලය ගලා පෘථිවි පෘෂ්ථය යෙන ජීවය අතු ගා දමන ලදී
දින 110 කට පසු ජලය අතුරුදන් විය.
නෝවා විසින් රැකගත් සතුන් නව ජීවයක් ඇති කරනු පිණිස විසිර ගියහ.
මෙහිදී ගැටලු දෙකක් මතුවේ
1)උසම කදූමුදුන් යටවන තරමේ ජල ගැල්මක් ඇතිවිය හැකිද?
2)නෝවාගේ නැවෙහි පෘථිවියේ වෙසෙන සත්ව වර්ග සියල්ලටම ඉඩ තිබුනේද?
මෙම ප්‍රශ්න දෙකටම ගණිත ආධාරයෙන් විසදුම් සෙවිය හැකිය.
ඉතිරිය හෙට.........
උපුටන ලදී -වයි පෙරල්මාන් ගණිත විනෝදය.
Friday, 26 October 2012
තවත් පිරමීඩ ජාවාරමක්
පිරමීඩ කුමය ලංකාවෙ තහනම් ව්‍යාපාරයක් මේ ක්‍රමය නිසා පහුගිය කාලෙ හුග දෙනෙක් අන්ත අසරන වුනා කූට උපක්‍රම වලින් මිනිස්රන් රවටන මේ ව්‍යාපාරයට තියෙන්නෙ ඉතා දිගු ඉතිහාසයක් මේ කියන්න යන්නෙත් ඒ වගේම පිරමීඩ ව්‍යාපාරයක් ගැන මේක ලබෙට පාපැදි ගන්න ක්‍රමයක් ඇත්තටම මේ ක්‍රමය හරිම වාසියි කියල හිතෙවි ඒත් බලාගන්නකෝ මේකෙ තියෙන ප්‍රබල වංචාව පහත සදහන් වෙළද දැන්වීම බලන්න.
විප්ලවයට පෙර රුසියාවේ වෙලෙන්දෝ තම බාල භාන්ඩ විකුනාගැනෘම සදහා නොයෙක් කූට උපක්‍රම යෙදූහ . විදේශීය රටවල වර්තමානයෙදීද මෙය සිදූවේ .පුවත් පතක හෝ සගරාවක ඉහත පරිදි දැන්වීමක් පළ කල ඔවුන් තම ව්‍යාපාරය ආරම්භ කළා.
ඇත්ත වශයෙන්ම මේ පුදුම දැන්වීම ගැන විස්තර එවන මෙන් බොහෝ දෙනෙක් මේ වෙළද සමාගමට ලියුම් යැවූහ.
එම විස්තර පත්‍රිකා වල මෙසේ සදහන් විය.
රූබල් 10 කට ඔබට විස්තර පත්‍රිකා හතරක් ලැබේ .ඒ ටිකට් පත් හතර යහළුවන් 4දෙනෙකුට විකුනා මුදල සමාගමට එවිය යුතුය. එවිට ඔබට පා පැදිය ලැබේ .ගැනුම් කරුවාට පා පැදිය සදහා වියදම් වූයේ ඇත්ත වශයෙන්ම රූබල් 10කි.ඉතිරි මුදල වන රූබල් 40 ගෙවන ලද්දේ වෙනත් පුද්ගලයින් විසිනි.මෙහිදී රූබල් 10 ය ගෙවීම හැර ටිකට් 4 මිතුරන් අතර විකිනීමට ඔහුට සුළු වශයෙන් වෙහෙසීමට සිදුවිය.එය මුදල හා සසදන විට ඉතා සුළු මුදලකි.
ඒ ටිකට් පත් මොනවාද?රූබල් 10ය බැගින් එවා මිලදී ගත්තවුන් එයින් ලද ලාභය කුමක්ද?
මෙතනින් තව දුරටත් දැනගන්න.
උලලේනා හෙවත් මළගමක පෙර නිමිති කියන්නා
පාළු මූසල රාත්‍රියක ඔබට ඇසෙන උලමෙකු ගේ විලාපය හද සලිත කරවන තරම් නොවෙද? මේ ලිපිය ලියන්නට හිතුනේ උලලේනා වටා ගෙතෙන ජනප්‍රවාද රාශියක් නිසාවෙනි .උලලේනා වටා ගෙතෙන හද සසල කරවන කතා අපමන පවතින අතර ගමින් ගමට එම කතන්තර වෙනස් වෙනස් ආරවල් ගනී.පාළුවේ තනිකමේ සංඛේතයක් ලෙස ගිනිය හැකි උලලේනා ඔබේ හදවතේ පාළුව ස්පර්ශ කරන්නේ ආධ්‍යාත්මයේ ගැබුරු තැන් ස්පර්ශ කරමිනි.සමහර විට ඔබ උලමෙකුගේ විලාපය නො ඇසූවකු වන්නට පුළුවන
උලමා හෙවත් උලලේනා වටා ගෙතෙන අප්‍රකට ජනප්‍රවාද.
Thursday, 25 October 2012
අප්‍රකට කළුවල ඇල්ලේ තවත් තොරතුරු
මේ සුන්දර දිය ඇල්ල ගැන ඊයේ පළ කල ලිපිය ගොඩක් දෙනා බලල තිබුණු නිසා තවත් තොරතුරු ටිකක් මේ ගැන ලියන්න හිතුන ලංකාවෙ අපි නොදැක්ක නොදන්න දේවල් අපමනයි කියල කවුරුත් දන්නවනෙ මේ දිය ඇල්ලත් එහෙම හුග දෙනෙක් නොදන්න ලස්සන තැනක් පහත සේයා රූ බලන ඔබටත් එහෙම ශිතෙනව නේද?
දිය ඇල්ලෙ ලස්සන වගේමයි අවට පරිසරයත්
තව බලන්න
Wednesday, 24 October 2012
රටෙන් වසන් වූ අප්‍රකට කළුවල ඇල්ල
ඔබ ලංකාවේ ප්‍රසිද්ධ දිය ඇලි වෙත අනන්තවත් ගිය අයකු වන්නට පුළුවන නමුත් ඔබ නොදන්නා දිය ඇලි විශාල පුමානයක් ලංකාව තුළ පවතියි.තවමත් ස්වාභාවික සුන්දරත්වය නොකිලිටි වන සේ රැකගත් තවත් දිය ඇල්ලකි කළුවල ඇල්ල යගිරල වන රක්ෂිත මායිමේ පිහිටි මේ සුන්දර දිය ඇල්ල ඒ අවට ගැමියන්ට නම් අරුමයක් නොවේ .රක්ෂිත මායිමේ පිහිටන මේ දිය ඇල්ල අවට අති සුන්දර වන අරණත් ඔබේ මනස ප්‍රෙබා්ධමත් තරන්නට සමත් වෙයි.
සුන්දර තුරු ලතා හා මෙහි ජලයේ වෙසෙන මසුන් ඔබේ දෙනෙතට රසදුනක් වනු නොඅනුමානය.වෙද මාළුන් ගැන ඔබ අසා තිබේද ගල් පඩේරු යන නමින් ද හදුන්වන මේ මත්ස්‍ය විශේෂය මෙහි එන ඔබගේ පෙතුල් හා දෙකකුල් සම්භාහනය කරනු ඇත.අනාරක්ෂිත බවෙන් තොර දිය නෑමකට නම් ඔබේ තේරීම කළුවල ඇල්ලම විය යුතුය .
තව බලන්න.
මං මුලා වැල්.
පුරාවෘත වල එන ගැමියන්ගේ විශ්වාස අතර බෙහෙවින් සාකච්ඡාවට බදුන් වන මේ අරුම පුදුම වැල් විශේෂය ඇත්තටම පවතින්නක් ද?
මග මුලා කරන මෙම වැල් විශේෂය ඇසින් දුටුවකු මට හමු නොවුනත් ඒ පිළිබද පුරාවෘත දන්නා අය බොහෝ වෙත් සිංහරාජය අවට ගම් හා ඒ ආසන්න ප්‍රදෙශයක ගැමියෙකුගෙන් ඔබ මං මුලා වැල් ගැන අසන්න ඔබට කියන්නට ඔහු ළග ඒ හා බැදුනු ජනපුවාද ඕනෑ තරම් ඇත.
මේ කියන්නට යන්නේ සිංහරාජයේ මං මුලා වැල් ගැන නොවේ .තවත් මං මුලා වැල් ගැන ප්‍රසිද්ධ ප්‍රෙද්ශයක් ගැනයි.
යගිරල රක්ෂිතය.
යගිරල රක්ෂිතය ආසන්න ගැමියන් මේ වැල් ගැන බෙහෙවින් විශ්වාස කරත් මෙහි ගැමි ලියන් දර සොයනු පිණිස යන්නේ තනිවම නොව කන්ඩායම් වශයෙනි හෙතුව නම් මං මුලා වැල් පෑගේය යන බියෙනි .කිසියම් ගැමියෙකු වනාන්තරයට ගොස් එන්නට ප්‍රමාද කල නිවැසියෝ බිය වදින්නේ ඔහුට මංමුලා වැල් පෑගී ඇත්දැයි බියෙනි.
මෙම ජනප්‍රවාදය ඇත්තක්ද?
වැලක් පෑගුනු සැනින් ආ මග අමතකව යනවා යැයි කීම පිලිගන්නට ඔබ මැලිවෙනවා ඇත.මේ පිලිබදව මම ගමෙහි යමක් කමක් දන්නා වැඩිහිටියෙකුගෙන් දැන ගතිමි.ඔහු විශ්‍රාමික විදුහල් පතිවරයෙකි.ඔහු කියන ලෙස මෙම වැලෙහි පත්‍ර හා කදෙහි ඇති විශ සහිත බූව පෑගීම නිසා ශරීරයට ඇතුළුවන විස මේ මග අමතක කිරීමට හේතුවයි.
මං මුලා වැල් පෑගීම නිසා මග අතරමං වු කිහිප දෙනෙකුගේ නම් ඔහු මා සමග කීවද ඒ අයගෙන් කිසිවකුත් මට හමු නොවුනේ අවාසනාවටය.
“පෑගුනොත් කැලේ මුලා වෙනව හක්කළං කරල කරල කොහේ හරි ගමකින් මතු වුනොත් දෙයියන්ගෙ පිහිටයි.නැත්තං ඉතින් වෙන්නෙ කැලේම මියදෙන්ට”
මේ වැල් පෑගුනු අයට වන විපත ඔහු කීවේ මා යාමට හැරෙන විටය.
මේ ගමනේ දී මට අපූරු තැනැත්තියක් හමු විය.අවාසනාවට ඈ මා ඇසු කිසිවකුට පිළිතුරු නොදුනි.
ඈ ගැන කීවේ අසල් වැසි කතකි
මෙයාගෙ ඔළුව හොද නෑ ඉස්සර දර කඩල ජීවත් වුනේ මාස ගනන් කැලේ ඉන්නව ඉස්සර හොදට හිටිය.මිනිස්සු කියන්නෙ මං මුලා වැල් පෑගිලයි ඔළුව නරක් වුනේ කියල පවු කාත් කවුරුත් නැති ගෑනි.ඈ හට කිසියම් සංවිධානයකින් නිවසක් තනා දී ඇත .අරුමය ඊට පෙර ඇය ජීවත්ව ඇත්තේ ගල් ගුහාවක වීමයි.
මං මුලා වැල් ඇතයි මෙහි ගැමියෝ සියයට අනූවක් විස්වාස කරත්
බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්රිප්ෂන් මගින් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන හැටි.
පරිගණකයේ හාඩ් ඩිසක් එකෙහි තොරතුරු අන් අය විසින් පරිහරනය කිරීම වැලැක් වීමට ඒවාට අගුළු යෙදිය හැක මෙය එන්ක්‍රිප්ට් කිරීම නමින් හදුන්වයි. මෙය කිරීමට විශේෂ මෘදුකාංග අවශ්‍ය නමුත් ඔබගේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් අල්ටිමෙට් හෝ එනටප්රයිස් යන සංස්කරන දෙකන් එකක් නම් එම සංස්කරන හරහා ඔබට පහසුවෙන් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කළ හැක.මෙය හදුන්වන්නේ බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්රිප්ෂන් යන නමිනි.
මෙමගින් ඇතිවන වාසි-දත්ත අන් සතු වීම වැලැක් විය හැකි වීම.
දත්ත සදහා වන උපරිම ආරක්ෂාව.
නිත්‍ය පරිශීලකයාට පමනක් වන පශසු භාවිත ගුනාංග
කොහොමද ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන්නේ -
මෙන්න මෙහෙමයි
ස්ටාර්ට් –කන්ට්‍රෝල් පැනල්-සිස්ටම් ඇන්ඩ් සෙකියුරිටි පැනල් ක්ලික් කරන්න.
දැන් විවෘත වුනු සිස්ටම් ඇන්ඩ් සෙකුරිටි පිටුවෙන් බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්රිප්ෂන් මත ක්ලික් කරන්න.(පහත පරිදි)