Thursday 18 October 2012

අනන්තය තෙක්.

දෑස් දල්වා ඈ  බලා සිටියාය .අනන්තය තෙක් විහිදනු නිල් අහස දෙස මොහොතක් සුසුම් හෙලමින් වාඩිවී පිල් කන්ඩියේ නිකට මත දෑතම තබා.
           වැලි කෙලින අවදියට ගෙන ගියා ඈ' ඇගේ සිත .
           නවතින්න මොහොතක් අපහැදිලි මතකය .
           රාත්‍රිය මනරම්ය ගයන විට පළගැටින් ගී 
           දුටුවාද අප්‍රසන්න මැඩියකු අදුර අතරින්  සරන 
           පෙනෙන නොපෙනෙන දුරක
           මාවතකි මිනිසුනු නොයෙන
           කිසිත් නොපෙනෙන දුරක
           අර හඩලන්නෙ උලමා කාගේ මලගමක පෙර නිමිත්තක්ද 
           අපැහැදිලි අනන්තය නෙත් යොමා බලන්නට එපා පෙරනිමිත්ත දකින්නට 
           හැකිය හැර ගියදා මෙලොව.
අවදිවී දැහැනින් ඈ අදුර වෙත සක්මන් කලා 
                             "වෙනස් විය සියල්ල එක් නිමේශයකින්" 
නොදත් කල ඈ.

No comments:

Post a Comment