Wednesday 24 October 2012

මං මුලා වැල්.

        පුරාවෘත වල එන ගැමියන්ගේ විශ්වාස අතර බෙහෙවින් සාකච්ඡාවට බදුන් වන මේ අරුම පුදුම වැල් විශේෂය ඇත්තටම පවතින්නක් ද?

      මග මුලා කරන මෙම වැල් විශේෂය ඇසින් දුටුවකු මට හමු නොවුනත් ඒ පිළිබද පුරාවෘත දන්නා අය බොහෝ වෙත් සිංහරාජය අවට ගම් හා ඒ ආසන්න ප්‍රදෙශයක ගැමියෙකුගෙන් ඔබ මං මුලා වැල් ගැන අසන්න ඔබට කියන්නට ඔහු ළග ඒ හා බැදුනු ජනපුවාද ඕනෑ තරම් ඇත.

             මේ කියන්නට යන්නේ සිංහරාජයේ මං මුලා වැල් ගැන නොවේ .තවත් මං මුලා වැල් ගැන ප්‍රසිද්ධ ප්‍රෙද්ශයක් ගැනයි.

Map picture

යගිරල රක්ෂිතය.

       යගිරල රක්ෂිතය ආසන්න ගැමියන් මේ වැල් ගැන බෙහෙවින් විශ්වාස කරත් මෙහි ගැමි ලියන් දර සොයනු පිණිස යන්නේ තනිවම නොව කන්ඩායම් වශයෙනි හෙතුව නම් මං මුලා වැල් පෑගේය යන බියෙනි .කිසියම් ගැමියෙකු වනාන්තරයට ගොස් එන්නට ප්‍රමාද කල නිවැසියෝ බිය වදින්නේ ඔහුට මංමුලා වැල් පෑගී ඇත්දැයි බියෙනි.

මෙම ජනප්‍රවාදය ඇත්තක්ද?

              වැලක් පෑගුනු සැනින් ආ මග අමතකව යනවා යැයි කීම පිලිගන්නට ඔබ මැලිවෙනවා ඇත.මේ පිලිබදව මම ගමෙහි යමක් කමක් දන්නා වැඩිහිටියෙකුගෙන් දැන ගතිමි.ඔහු විශ්‍රාමික විදුහල් පතිවරයෙකි.ඔහු කියන ලෙස මෙම වැලෙහි පත්‍ර හා කදෙහි ඇති විශ සහිත බූව පෑගීම නිසා ශරීරයට ඇතුළුවන විස මේ මග අමතක කිරීමට හේතුවයි.

Map picture

මං මුලා වැල් පෑගීම නිසා මග අතරමං වු කිහිප දෙනෙකුගේ නම් ඔහු මා සමග කීවද ඒ අයගෙන් කිසිවකුත් මට හමු නොවුනේ අවාසනාවටය.

“පෑගුනොත් කැලේ මුලා වෙනව හක්කළං කරල කරල කොහේ හරි ගමකින් මතු වුනොත් දෙයියන්ගෙ පිහිටයි.නැත්තං ඉතින් වෙන්නෙ කැලේම මියදෙන්ට”

මේ වැල් පෑගුනු අයට වන විපත ඔහු කීවේ මා යාමට හැරෙන විටය.

මේ ගමනේ දී මට අපූරු තැනැත්තියක් හමු විය.අවාසනාවට ඈ මා ඇසු කිසිවකුට පිළිතුරු නොදුනි.

ඈ ගැන කීවේ අසල් වැසි කතකි

           මෙයාගෙ ඔළුව හොද නෑ ඉස්සර දර කඩල ජීවත් වුනේ මාස ගනන් කැලේ ඉන්නව ඉස්සර හොදට හිටිය.මිනිස්සු කියන්නෙ මං මුලා වැල් පෑගිලයි ඔළුව නරක් වුනේ කියල පවු කාත් කවුරුත් නැති ගෑනි.ඈ හට කිසියම් සංවිධානයකින් නිවසක් තනා දී ඇත .අරුමය ඊට පෙර ඇය ජීවත්ව ඇත්තේ ගල් ගුහාවක වීමයි.

මං මුලා වැල් ඇතයි මෙහි ගැමියෝ සියයට අනූවක් විස්වාස කරත්

No comments:

Post a Comment