Friday 26 October 2012

උලලේනා හෙවත් මළගමක පෙර නිමිති කියන්නා

        පාළු මූසල රාත්‍රියක ඔබට ඇසෙන උලමෙකු ගේ විලාපය හද සලිත කරවන තරම් නොවෙද? මේ ලිපිය ලියන්නට හිතුනේ උලලේනා වටා ගෙතෙන ජනප්‍රවාද රාශියක් නිසාවෙනි .උලලේනා වටා ගෙතෙන හද සසල කරවන කතා අපමන පවතින අතර ගමින් ගමට එම කතන්තර වෙනස් වෙනස් ආරවල් ගනී.පාළුවේ තනිකමේ සංඛේතයක් ලෙස ගිනිය හැකි උලලේනා ඔබේ හදවතේ පාළුව ස්පර්ශ කරන්නේ ආධ්‍යාත්මයේ ගැබුරු තැන් ස්පර්ශ කරමිනි.සමහර විට ඔබ උලමෙකුගේ විලාපය නො ඇසූවකු වන්නට පුළුවන

උලමා හෙවත් උලලේනා වටා ගෙතෙන අප්‍රකට ජනප්‍රවාද.

                මිතුරකුගේ නෑයකු මලෙන් හදිසියේ ඔහු සමග එහි යාමට ලියුම් කරුට සිදුවුනි.රාත්‍රියේ කටුක මගක අපේ ගමන් මග විය දුශ්කර ගමනකින් අනතුරුව රාත්‍රියේ මළ ගෙදරට ආ අපට එදින රැයෙහි මළ ගෙදරම නවතින්නට සිදු වුයේ රාත්‍රිෙය් ආපසු ගමන අතිශය දුශ්කර හෙයිනි.මදුරුවන් බහුල ඒ රාත්‍රිෙය් උන් තලමින් ගැමියන් ගේ සල්ලාප වලට ඇහම් කන් දෙනු මිස අන් කුමක් කරන්නද?

        ‘ඊයෙ උලම අඩනකොට මං අපේ ගෑනිට කීවෙ විලියං මාම ගැනද දන්නෑ කියල කීව වගේමයි’

      නැතැයි රෑ දෙගොඩ ජාමෙ එක ලතෝනියයි.’’

මිනිසුන් දෙදෙනෙක් උලමා ගේ පුරාවෘතයට මුල පිරීය.මාද ඇසෙන නෑසෙන ගානට කතාවට ඇහුම් දෙන්නට වුයේ මිතුරාද ළගක නොවු හෙයිනි.

               ‘’ඔය සාස්තරේ හරියටම හරිනි ආයෙ ඈඩියාව ආවොත් සිකුරුයි’’ මළගෙයක්                   

‘උලමට පේනවලු ඌ ඉන්න ගහ යටින් මළ මිනියක් අරං යනව………

            ඇත්තටම එය එසේමද මාගේ ගත කිළීපොලා ගියේය.තවත් ගැමියකු කී පරිදි උලමා යනු පෙර ආත්මයක ගැහනියක් බවයි තම දරුවා මළ හෙයින් ඒ සොවින් වල් වැදුනු ඈ ආත්මයෙන් ආත්මයේ තම දුක කියයි.

      රාත්‍රිෙය් සීත සුළං ගත දැවටෙන විට හැම අතින්ම ගලාගෙන එන අදුරත් එක්ක මගේ සිතුවිලි එහෙ මෙහෙ දුවන්න ගත්ත ඇත්තටම මමත් මැරෙනව නේද එවිටත් උලම හඩයිද?ජීවිතයේ කවරදාකවත් ඇති නොවුනු ආකාරයේ බියකින් මගේ ගත වෙලී ගියා සත්‍යත් මිථ්‍යාවත් අතර විශාල ගැටළුවක මං අතරමං වෙලා විකාර මේ ඔක්කොම විකාර මට හිටි තැනින් නැගිටල අර මිනිස්සුන්ට කියන්න හිතුන ඒත් ඒ ඔක්කොම මිථ්‍යාවට ඇලිල හදිසියෙවත් මම එහෙම කිව්ව නම් මටත් විසි එක්වන සියවසේ නූගත් ගැමියන් අතර මෝඩයෙක් වෙන්න සිද්ධ වෙන් තිබුන.

1 comment:

  1. උලමා ගිජු ලිහිණියගෛ නෑයෙක්. රාජාලි පවුලෙ සාමාජිකයෙක්. තමන්ගෙ සුන්දරී කැඳවන්න එයා ඔය පෙම් ගීය ගයන්නෙ අනුන්ගෙ ඕපදූප අහන් ඉන්න අයට බඩ යන්නත් එක්ක.

    ReplyDelete