Saturday 20 October 2012

මගේ සිහිනය

පුංචි දවස් වල මට ලොකු හීනයක් තිබ්බ වාහන ගැන

මං පුචි සන්දියේ අපේ තාත්ත එයාට හම්බවෙන සොච්චං පඩියෙන්

මට හැම මාසෙකම වාහනයක් ගෙනත් දුන්න

                       ඒ වාහන අතර-කාර්

                                            වෑන්

                                            පැජරෝ

                                            ජීප්

                                            ලොකු ඩෝසර් කැට පිලර් තිබුන

ඒව අපේ තාත්ත පේමන්ට් එකෙන් ගේන බාල සෙල්ලං බඩු යි කායල මං

හිතුවෙ නෑ

ඒත් මං ටික ටික උස් මහත් වෙනකොට

අපේ තාත්තත් දුප්පතෙක් කියල මට දැනුන

පොඩි කාලෙ මගේ ලෝකෙ රජ්ජුරුවො තවත් දුප්පතෙක්

විතරයි

ඉතිං මං කොහොමද පොඩි කාලෙ වගෙ තාත්තගෙන් වාහන ඉල්ලන්නෙ

මං මගේ හීනෙට හීනයක් වෙන්නම  ඉඩ දුන්න

No comments:

Post a Comment