Friday 19 October 2012

විශ්වාසය

කෙටි කතාව

                     විශ්වාසය

           මාස ගනනකින් පතිත වූ වර්ශාව ගහ කොල වසාගෙන සිටි කේඩෑරි මළානික ගතිය දුරු කිරීමට සමත් විය.අලුත් වැසසට පොලොවෙන් නගින අමුතු ජීව සුවද ගොවියෙකුගේ සිත ගත මෝහනය කරන තරමේ විය.
වර්ශාව නිසා හටගත් සතුට මේ මායිම් ගමේ අස්සක් මුල්ලක් නෑර පැතිරුනේය ඇත්තෙන්ම එය නියගයේ අවසානය විය.
                                  පොල් අතු වහලයෙන් රූරා වැටෙන ලොකු වැහිබිදු ටක් ටක් හඩින් මැටි පොලොවේ
ගැටෙන විට සමන්තිකා ගෙයි වු මැටි කොරහද ඇලුමිනියම් තාච්චියක් ද ගෙන විත් වැහි වතුර වඩාත් වැටෙන තැන් දෙකක තැබුවාය.
                                 'ගේ පුරාම තෙමෙනවා අප්පච්චී'
'කාලෙකින් වැටෙන වැස්සට කොයි ගේත් තෙමෙනව බං'
                                 ' අප්පච්චිට හීතලයි වගේ'
               සමන්තිකා ඇසුවේ තම පියා ඹලුවේ ඉදන් පෙරවා රෙද්දක ගුලිවී ස්තෝප්පුවේ හිරි කඩ වැදි වැදී සිටිනු දැකීමෙනි.
                      ' කෝ පොඩි එකා'
                  ඹය පිලිකන්නෙ කරදාසි ඹරු පද්දන්නෙ
                       ඉදල ඉදල වහින වැස්සට කොල්ලව තෙම්මන්න එපා යෝධියෙ'
තාත්තනෙ කොල්ලට කරදාසි ඹරු හදලදෙන්නෙ'
                       'කතා කරපං ගෙට'
සමීර ගෙට එන්න නේද කීවෙ
                       සීයෙ ඒ ඹරුව පෙගුන තවකක් හදා දෙන්නකෝ
අපොයි ඇගම තෙම්ම ගෙන
'පලයං ගෙට ගිහින් පිහිදා ගනිං'
                        සමන්තිකා කීවේ වැරෙන් පොඩි එකාගේ පිටට අතුලු පහරක් ද දෙමිනි
ආවු ..සීයේ අම්ම ගහනව නෙ
                            'කවද්ද බං මිගාර එනවයි කිව්වෙ'
රෑ කෑමෙන් පසු තාත්තා ඇසූ එම පැනයට පිළිතුරක් දෙන්නට සමන්තිකාට දෙවරක් සිතන්න්නට සිදු විය. අන්තිම වර මිගාර රැකියාවට ගියේ යලිත් මේ ගෙදර පස් නොපාගන බවට දිවුරීමෙන් පසුවය.ඒ සමන්තිකා
සමග ඇතිකරගත් ආරවුලක් දුර දිග යාම නිසාවෙනි.
                          'ඹය එන දවසක එන්නැතැයි.'
සමන්තිකා ගනනකට නොගෙන කීවාය.
             'කොල්ලට ඹඩොක්කුවේම නින්ද ගිහින් පවු ඊයෙ මිස් කියල පාට පෙට්ටියක් අරං එන්න කියල
ඒකවත් ගන්න සල්ලියක් මගෙ අතේ නෑ.
                         'මං යනව නිදා ගන්න තාත්ත දැන්ම නිදා ගන්නැත්තං නිදාගන්න වෙලාවට කුප්පිය නිවල නිදා ගන්න නැත්තං තෙල් අපරාදෙ'
                    සමන්තිකා ඹඩොක්කුවේ නිදා සිටින සිය සය හැවිරිදි දරුවා දෙ අත්ලෙන් හරහට වඩා කාමරයට ගෙන ගොස් ඇදේ තබා දරුවා ලගින් ම ඇලවුනේ තවත් දවසකට සමු දෙන්නටය.
ලිහා දැමූ හිස කේ අතින් සකස් කරගත් ඈ දිග සුසුමක් වා තලයට මුදා හැරියාය.
                 දොර ඇරෙන යලිත් වැසෙන හඩින් හා නිවසේ අදුර මකන්නට තිබූ එකම පහනද නිවි ගියේය
තාත්තා  අද වේලාසනම නිදියන්නට යන වග සමන්තිකාට දැනුනි.
                       චීත්ත රෙද්දකින් දරුවා පෙරවු ඈ තවත් චීත්ත රෙද්දක් ගෙන තමාටද පෙරවා ගත්තාය.
එළියේ තදින් වැටෙන වැස්සත් සාලයේ තැබූ ඇතිලියට වතුර වැටෙන ටක් ටක් හඩත් ඇරෙන්නට පරිසරය නිසලය එලියේ තදින් හමන සුලග නිසා වා කවුළු තුලින් සීතල සුලග ගෙට වැදී ඇග හිරි ගඩු නංවයි .සමන්තිකා සිය දරුවාට තුරුළු වූයේ ඒ සීතලෙන් ගැල වෙන්නට මෙනි.
                                        මිගාර යලි නොඑන වගට දිවුරා කීවේ තමාගේ වරදක් නිසාද?
සමන්තිකා සිතුවාය.
               පාරෙ යන මිනිහෙක් මූනට මුලිච්චි වුනාම කතා නොකර යන්න පුළුවනිද?
ගමේ උන් කියන කතා එයාටත් විශ්වාසයි.
                       මිනිහෙක් එක්ක කතා කල පලියට මම වල් ගෑනියෙක්ද?
මිගාර නම් පිස්සෙක්
                      නින්ද අහලකවත් නොතබා සිත අතීතයට ගමන් කරන වග සමන්තිකාට දැනුනි . ඇත්තෙන්ම ඒ අතීතයෙන් ගැලවෙන්නට ඇයට ඉඩක් නොතිබුනි මන්ද ඇගේ ජීවිතය ඒ අතීතය සමග තදින් යාවී තිබූ නිසාය.
                     බිස්නස් කියා මිගාර යන්නේ කොහිද ඇරත් ඒ ගිය පසු ඹහු එන්නේ ද මාස දෙකකට තුනකට පසුවය.මිගාර ගේ සෙල් පෝනය නිතරම කාර්යබහුලය ඹහු ගැන සැක සිතන්නට මේවා කාරනා නොවෙද
වරක් මිගාර ආ දිනක ඹහුගේ කලිසම් සාක්කුවක තිබී ඇයට ලියමනක් අසු විය.එහෙත් විස්තර කියවන්නට පෙර මිගාර එම ලියමන උදුරා ගත්තේ ඇයි.නියත ලෙසම මිගාරට අනියම් ඇසුරක් තිබිය යුතුය.
                       
වරක් ඈ මිගාරගෙන් මූනටම ඇසුවාය .
                ඹව් ගෑනියෙ උබ නැතුවට මට මේ රටේ ඹ්න තරං ගෑනු ඉන්නව
සමන්තිකා නින්දෙන් දගලන පොඩි එකාගේ අවුල්ව ගිය පෙරවන චීත්තය යලි සැකසුවාය.
ඒ මිනිහ ඹ්න දෙයක් හිතුවාවෙ මේ පොඩි එකාගෙ මූන බලාගෙන මං කොහොමද වෙන උං එක්ක මනමාලකං කරන්නෙ ඒ වෙන ගෑනු ගිය මිනිහ ගියාවෙ මං කොහොම හරි කොල්ලව බලා ගන්නව මට බැරි වුනු කාලෙක මේ පොඩි එකා නොවෙයිද මාව බලාගන්න ඉන්නෙ
                                                                          ඈ සිතුවාය.
වැස්ස තුරල් වන පාටක් නැත.සීතලෙන් මිදීමට සමන්තිකා සිය දරුවාට තව තවත් තුරුල් විය.

ප.ලි
    මිගාර යලි නො ආවේය.දෙදහස්තුනේ මාර්තු විසිදෙක සමන්තිකාගේ දරුවා මිය ගියේය.ඉන් අවුරුදු තුනකට පමන පසු සිය පියාගේ මරනයද සිදු වූයේ සමන්තිකා මෙලොව තනි කරමිනි.දැන් ඈ ගැබිනියකි
ඈ විවාහ වූයේ මාලු වෙලෙන්දකු සමගිනි.ඒ පියාගේ මරනයෙන් දෑ අවුරුද්දකට පසුවය.

No comments:

Post a Comment