Thursday, 18 October 2012

මට මතක් විය .'එදා'

වැස්ස පාර යන්න බැරි තරමටම' මඩ කඩිති අස්සෙ එරෙන ගෙවිගිය සෙරෙප්පු යුගල බේර ගන්න ඈ උත්සහ කලා අවාසනාවට මොහොතකින් එක සෙරෙප්පුවක්................

           අන්ධකාරය ළගා වූ පසු ඈ පිවිසීය එක් නවාතැනකට කෙබදු වීද එම නවාතැන ඇයට කිසිවෙකුත් නැති පාලු අදුරේ 
රැහැයියනි හඩ ලන්න පියාසර වවුලුවනි එන්න මා හා වසන්නට ඈ යදින්නට ඇත උනුනට
වැහි වතුර බේරෙන නැවතුමයි බස් නැවතුම .
සීතලට වැහි පිනි සමග ඇග වදින
නොතිබීය' ඈ සතුව පොරෝනයක් හෝ ශක්තියක්
උදෑසන
මිහිරි කුරුලු ගී අසන්නට 
ළාමක හිරු රැස් වල පහස විදින්නට 
ඈ
නොසිටියාය ජීවතුන් අතර.
පීරාගෙන හමන හිරිකඩ සුළග කාමරයට වදින්නට පෙර වසා දමා ජනේලය
වහං වී ඇද මත පොරෝනය තුළ වකුටු වී සීතලෙන් මිරිකෙමින්

මට මතක් විය .'එදා'

ඈ 
මිය ගිය මහලු කත
අදවන් රුදුරු වැසි දිනෙක රෑ
උදෑසන මා දුටු ඇගේ අප්‍රානික වියපත් සිරුර.

No comments:

Post a Comment