Thursday 18 October 2012

මට මතක් විය .'එදා'

වැස්ස පාර යන්න බැරි තරමටම' මඩ කඩිති අස්සෙ එරෙන ගෙවිගිය සෙරෙප්පු යුගල බේර ගන්න ඈ උත්සහ කලා අවාසනාවට මොහොතකින් එක සෙරෙප්පුවක්................

           අන්ධකාරය ළගා වූ පසු ඈ පිවිසීය එක් නවාතැනකට කෙබදු වීද එම නවාතැන ඇයට කිසිවෙකුත් නැති පාලු අදුරේ 
රැහැයියනි හඩ ලන්න පියාසර වවුලුවනි එන්න මා හා වසන්නට ඈ යදින්නට ඇත උනුනට
වැහි වතුර බේරෙන නැවතුමයි බස් නැවතුම .
සීතලට වැහි පිනි සමග ඇග වදින
නොතිබීය' ඈ සතුව පොරෝනයක් හෝ ශක්තියක්
උදෑසන
මිහිරි කුරුලු ගී අසන්නට 
ළාමක හිරු රැස් වල පහස විදින්නට 
නොසිටියාය ජීවතුන් අතර.
පීරාගෙන හමන හිරිකඩ සුළග කාමරයට වදින්නට පෙර වසා දමා ජනේලය
වහං වී ඇද මත පොරෝනය තුළ වකුටු වී සීතලෙන් මිරිකෙමින්

මට මතක් විය .'එදා'

ඈ 
මිය ගිය මහලු කත
අදවන් රුදුරු වැසි දිනෙක රෑ
උදෑසන මා දුටු ඇගේ අප්‍රානික වියපත් සිරුර.

No comments:

Post a Comment