Wednesday 24 October 2012

බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් මගින් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන හැටි.

ගිජු ලිහිනියා.
පරිගණකයේ හාඩ් ඩිසක් එකෙහි තොරතුරු අන් අය විසින් පරිහරනය කිරීම වැලැක් වීමට ඒවාට අගුළු යෙදිය හැක මෙය එන්ක්‍රිප්ට් කිරීම නමින් හදුන්වයි. මෙය කිරීමට විශේෂ මෘදුකාංග අවශ්‍ය නමුත් ඔබගේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් අල්ටිමෙට් හෝ එනටප්‍රයිස් යන සංස්කරන දෙකන් එකක් නම් එම සංස්කරන හරහා ඔබට පහසුවෙන් ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කළ හැක.මෙය හදුන්වන්නේ බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් යන නමිනි.
මෙමගින් ඇතිවන වාසි-දත්ත අන් සතු වීම වැලැක් විය හැකි වීම.
                             දත්ත සදහා වන උපරිම ආරක්ෂාව.
                             නිත්‍ය පරිශීලකයාට පමනක් වන පශසු භාවිත ගුනාංග
කොහොමද ඩ්‍රයිව් එන්ක්‍රිප්ට් කරන්නේ -
මෙන්න මෙහෙමයි
Smile පළමු පියවර
         ස්ටාර්ට් –කන්ට්‍රෝල් පැනල්-සිස්ටම් ඇන්ඩ් සෙකියුරිටි පැනල් ක්ලික් කරන්න.
capture-20121022-201028
Open-mouthed smileදෙවන පියවර
දැන් විවෘත වුනු සිස්ටම් ඇන්ඩ් සෙකුරිටි පිටුවෙන් බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් මත ක්ලික් කරන්න.(පහත පරිදි)
capture-20121022-201547
Winking smileතුන්වන පියවර
මේකත් ක්ලික් කරහම මෙහෙම පරිගණකයේ ඩ්‍රයිව් පෙන්වන පිටුවක් එයි.
capture-20121022-202200
Surprised smileහතරවන පියවර
ලොක් කරන්න ඕන ඩ්‍රයිව් එක ඉස්සරහ තියන turn on Bitlocker මත ක්ලික් කරන්න
දැන් මතුවෙන්නෙ බිට් ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් බොක්ස් එක
Smile with tongue outපස්වන පියවර

capture-20121022-202453 යුස් අ පාස්වර්ඩ් අනලොක් ඩ්‍රයිව් වලට ඉදිරියෙන් තියෙන චෙක් බොක්ස් එකට හරිය දීල
කැමති පාස්වර්ඩ් එකක් දෙන්න
දැන් දීපු පාස්වර්ඩ් එක පාතින් ආයෙමත් දීල තහවුරු කරල නෙක්ස්ට් කරන්න ඉහත පරිදි
capture-20121022-203531
දැන් ඔයාට රී කවරි පාස්වර්ඩ් එකක් ලැබෙයි.ඒක සේව් කර ගන්න මේකෙන් කරන්නෙ ඔයාගෙ පාස්වර්ඩ් එක අමතක උනොත් මේ පාස්වර්ඩ් එකෙන් ඇර ගන්න පුළුවනි.
Hot smileහයවන පියවර
capture-20121022-203719
දැන් නෙක්ස්ට් කරල එන බොක්ස් එකේ තියෙන ස්ටාර්ට් එන්ක්‍රිප්ටින්ග් දෙන්න.
දැන් එන්ක්‍රිප්ට් වෙන්න පටන් ගන්නව මේකට ටිකක් වෙලාව යනව
ඉවර වුනාම ඔයාට ඔයා එන්ක්‍රිප්ට් කරපු ඩ්‍රයිව් එක ඉබි සලකුනක් එක්ක පෙනේවි
දැන් පාස්වර්ඩ් දීල ඇතුලට යන්න පුළුවනි.
.

1 comment: