Tuesday 30 October 2012

ලෝක විනාශය ,ලෝක මහා ජලගැල්ම හා නෝවාගේ නැව

ලෝක විනාශය ,ලෝක මහා ජලගැල්ම හා නෝවාගේ නැව
         බයිබලයේ එන පුරාවෘත වල ඈත අතීතයේදී අප පෘතුවිය උසම කදු වලටත් වඩා උසට ජලයෙන් යටවී තිබූ බව සදහන්ව ඇත.මිනිසා මැවීම ගැන පසු තැවිලි වූ දෙවියන් වහන්සේ මෙසේ කී බව බයිබලයේ සදහන් ව තිබේ.
      " පෘථිවි මුහුනතින් ( එනම් පෘථිවි පෘෂ්ථයෙන් )මා මැවු සියළු දෙයම එනම් මිනිසාගේ සිට හරකාත් උරගයාත් පක්ෂියාත් දක්වාත් සියළු දෙයම විනාශ කරමි."
       දෙවියන්ට ආරක්ෂා කිරීමට අවැසි වු එකම මිනිසා ධර්මිෂ්ථ නෝවා පමනි.එම නිසා දෙවියෝ තමන් කරන්නට යන ලෝක විනාශය කළින්ම ඔහුට දන්වා රියන් 300 පළල රියන් 50 ක් උස රියන් 30 ක්වු නැවක් (බයිබලයේ මෙය ආර්ක් නමින් හදුන්වා ඇත.)සෑදීමට නියම කරන ලදී.මෙම නැවෙහි තට්ටු තුනකි.නැවෙන් නෝවා සහ ඔහුගේ පවුලේ සියළු දෙනාමත් වැඩිමහල් දරුවන්ගේ පවුල්ද පමනක් නොව ලොව සියළු සත්වයන් ද ආරක්ශා කරගත යුතුවිය.එමෙන්ම දීර්ඝ කාලයකට සෑහෙන ආහාරද මෙම නැවෙහි ගෙනයාමට නෝවාට සිදුවන්නනේ දේව කැමැත්තටය.
                      ලෝකය විනාස කිරීමට දෙවියන් තෝරාගන්නා මාධ්‍යය මහා ජල ගැල්මකි.
                      දින හතකට පසු එය ඇරභිනි.
                      දවස් 40 ක් හා රාත්‍රී 40 ක් නොකඩවා වැසි වැටිණි.
සියළු වස්තුව විනාසව මහා කදු මුදුන් වලටද උඩින් ජලය ගලා පෘථිවි පෘෂ්ථය යෙන ජීවය අතු ගා දමන ලදී
දින 110 කට පසු ජලය අතුරුදන් විය.
නෝවා විසින් රැකගත් සතුන් නව ජීවයක් ඇති කරනු පිණිස විසිර ගියහ.
මෙහිදී ගැටලු දෙකක් මතුවේ
1)උසම කදූමුදුන් යටවන තරමේ ජල ගැල්මක් ඇතිවිය හැකිද?
2)නෝවාගේ නැවෙහි පෘථිවියේ වෙසෙන සත්ව වර්ග සියල්ලටම ඉඩ තිබුනේද?
මෙම ප්‍රශ්න දෙකටම ගණිත ආධාරයෙන් විසදුම් සෙවිය හැකිය.
ඉතිරිය හෙට.........
උපුටන ලදී -වයි පෙරල්මාන් ගණිත විනෝදය.

No comments:

Post a Comment