Friday 26 October 2012

තවත් පිරමීඩ ජාවාරමක්

                                පිරමීඩ කුමය ලංකාවෙ තහනම් ව්‍යාපාරයක් මේ ක්‍රමය නිසා පහුගිය කාලෙ හුග දෙනෙක් අන්ත අසරන වුනා කූට උපක්‍රම වලින් මිනිස්‍රන් රවටන මේ ව්‍යාපාරයට තියෙන්නෙ ඉතා දිගු ඉතිහාසයක් මේ කියන්න යන්නෙත් ඒ වගේම පිරමීඩ  ව්‍යාපාරයක් ගැන මේක ලබෙට පාපැදි ගන්න ක්‍රමයක් ඇත්තටම මේ ක්‍රමය  හරිම වාසියි කියල හිතෙවි ඒත් බලාගන්නකෝ මේකෙ තියෙන ප්‍රබල වංචාව පහත සදහන් වෙළද දැන්වීම බලන්න.

khhhgj

            විප්ලවයට පෙර රුසියාවේ වෙලෙන්දෝ තම බාල භාන්ඩ විකුනාගැනෘම සදහා නොයෙක් කූට උපක්‍රම යෙදූහ . විදේශීය රටවල වර්තමානයෙදීද මෙය සිදූවේ .පුවත් පතක හෝ සගරාවක ඉහත පරිදි දැන්වීමක් පළ කල ඔවුන් තම ව්‍යාපාරය ආරම්භ කළා.

          ඇත්ත වශයෙන්ම මේ පුදුම දැන්වීම ගැන විස්තර එවන මෙන් බොහෝ දෙනෙක් මේ වෙළද සමාගමට ලියුම් යැවූහ.

            එම විස්තර පත්‍රිකා වල මෙසේ සදහන් විය.

      රූබල් 10 කට ඔබට විස්තර පත්‍රිකා හතරක් ලැබේ .ඒ ටිකට් පත් හතර යහළුවන් 4දෙනෙකුට විකුනා මුදල සමාගමට එවිය යුතුය. එවිට ඔබට පා පැදිය ලැබේ .ගැනුම් කරුවාට පා පැදිය සදහා වියදම් වූයේ ඇත්ත වශයෙන්ම රූබල් 10කි.ඉතිරි මුදල වන රූබල් 40 ගෙවන ලද්දේ වෙනත් පුද්ගලයින් විසිනි.මෙහිදී රූබල් 10 ය ගෙවීම හැර ටිකට් 4 මිතුරන් අතර විකිනීමට ඔහුට සුළු වශයෙන් වෙහෙසීමට සිදුවිය.එය මුදල හා සසදන විට ඉතා සුළු මුදලකි.

             ඒ ටිකට් පත් මොනවාද?රූබල් 10ය බැගින් එවා මිලදී ගත්තවුන් එයින් ලද ලාභය කුමක්ද?

මෙතනින් තව දුරටත් දැනගන්න.

      තමා මිළදී ගත් ටිකට් පත වෙනත් ටිකට් පත් පහකට පාපැදි සමාගමෙන් මාරු කිරීමට ඔවුන්ට සිදුවිය.වෙනත් වචන වලින් කියතොත් රූබල් 50ට එවා තම මිතුරන් අතර විකුණා පා පැදිය සදහා මුදල් ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් ලැබිණි.මේ අනුව ඔහුට වියදම් වූයේ රූබල් 10 කි.එම ටිකට් මිලදී ගත් අයද එූ වෙනුවට සමාගමෙන් ටිකට් පත් 5 බැගින් ලබා ගත්හ.

             බැලූ බැල්මට මෙහි රැවටීමක් පෙනෙන්නට නැත.දැන්වීමේ ආකාරයට සියළු දෙයම සිදුවිය.ගැනුම් කරුවා විසින් පා පැදිය සදහා ගෙවන ලද්දේ රූබල් 10ක් පමණකි .එසේම පාපැදි සමාගමද තම පාපැදියේ සම්පූර්න වටිනාකම ලබා ගත්තේය.

         මෙහි අභ්‍යන්තර යේ ඇත්තේ කූට උපායකි.මෙම කූට වෙළදාම නිසා තමන් ගත් ටිකට් පත් විකුනා ගැනීමට නොහැකි වූ විශාල සංඛ්‍යාවකට පාඩු සිදුවිය.පා පැදියේ වටිනාකම වන රූබල් 50 හා ගැනුම් කරුවා ගෙවන ලද රූබල් 10ය අතර වෙනස පා පැදි සමාගමට ඔවුහු ගෙවූහ.කෙදිනක හෝ අනිවර්ය ලෙසම ටිකට් පත් මිළදී ගැනීමට ගනුම්කරැවන් සොයාගත නොහැකඅවස්ථාවක් එළඹේ මුලසිට මේ සිද්ධිය ඉතා සීඝ්‍ර‍යෙන් ඉහළ යන හැටි ඔබටම නිරීක්ෂනය කළ හැක.

           පා පැදි සමාගමෙන් ටිකට් පත් මිළදී ගත් පළමු වැන්නාට තම ටිකට් ලෙහෙසියෙන්ම විකුනා ගත හැක.

         කන්ඩායමක් ලෙස පළමු කන්ඩායම තම ටිකට් පත් ලෙහෙසියෙන්ම විකුනා ගනියි.එම කන්ඩායමේ එක් එක් තැනැතතා නවතම ගැනුම් කරුවන් හතර දෙනෙකුට ටිකට් විකුනයි.

               එම4දෙනා නැවත එම ටිකට් පත් 4ගුන කිරීම5=20 දෙනෙකුට විකිනිය යුතුය.ඔවුන් එම ටිකට් පත් විකිනීයයි අප සිතමු .

             එම ටිකට් ලබාගත් විසි දෙනා 20ගුණකිරීම5=100 දෙනෙකුට විකිනිය යුතුය.

මේ අනුව ආරම්භයේ සිටම 1+4+20+100=125දෙනෙකු දක්වා මේ සිද්ධිය දිවෙයි.ඔවුනගෙන් තවම පා පැදි ලබා ගෙන ඇත්තේ 25දෙනෙකු පමණි.100 දෙනෙකු හට ඉතිරිවන්නේ බලාපොරොත්තුවයි.ඒ සදහා ඔවුන් ගෙවා ඇත්තේ රූබල් 10කි.

                 දැන් ගනුදෙනුව කිට්ටු මිතුරන්ගෙන් වෙන්ව නගරයට පැතිරයයි.ටිකට් පත් 100 ය.ලබා ගත් 100 දෙනා ඒවා පන්සිය දෙනෙකුට බෙදිය යුතුය.ඔවුන්ද නවතම ගොදුරු 2500 ක් සොයාගත යුතුය.නගරය ටිකට් වලින් පිරී යන්නේ ගැනුම් කරුවන් හිග කරමිනි.මේ සිද්ධියේ සංඛ්‍යා පිරමීඩය පහත පරිදි වේ .

1

4

20

100

500

2500

12500

62500

  දන් ඔබට සිතාගත හැකි නේද මෙහි ඇති මුලාව.තවද නගරය අති විශාල වී නම් මෙය තවද වැඩි වනු ඇත මෙහිදී සිදුවන්නේ 4/5 කටම පාපැදි රූබල් දහයේ ටිකට් ලග තබා ගෙන කල් මැරිමට සිදුවීම පමනයි.

No comments:

Post a Comment