Saturday 20 October 2012

සිය දිවි නසා ගැනීමක්


                                                               සිය දිවි නසා ගැනීමක්
දිනය-දෙදහස්  දොලහේ මැයි තුන් වෙනිදා
                        අමුත්තක් නොදැනෙන්න ලා හිරු රැස් එදත් මහ පොලොවට වැටුන.ඒ හිමිදිරි උදෑසන හරිම සීත සුළගකුයි තිබුනෙ ඒත් ඒ සීත සුළගත් එක්ක ආපු නරක ආරංචිය හැම මිනිස් ප්‍රානයක්ම උණුසුම් කලා සිය දිවි නසා ගැනීමක්
                  කවුද?
                  ඒ ඇයි.
    රංජනීලගෙ ගෙවල් පැත්තෙන් ඇහුනෙ මහ විලාපයක් හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා වගේ මිනිස්සු රංජනීලගෙ ගෙදට්ට ඇදුන.
         හැමෝම අනේ අපොයි කියද්දි ළගම නෑයො වැලපුන ඇගේ අම්ම නන්දාවතී සිහිසුන් වෙලා ඈ ව වත්තන් කරං තවත් ගෑනු දෙන්නෙක් කාමරයකට අරං යනව.
      රංජනීගෙ සය හැවිරිදි පුංචි පුතා ඒ විලාප සදදෙට නින්දෙන් ඇහැරිල අම්මව හොයනව
  එතකොට පොඩි එකාට මොකක්ද බොරුවක් කියල රංජනී ගෙ බාලම මල්ලි එයාව කොහෙදෝ එක්කං යනව.
               එතකොට කෝ රංජනී
               එයාට මොකද උනේ
 උළු සෙවිලි කල ඒ ගෙදර වහලය හුගක් පාතයි.
කාමර තුනයි.කුස්සියයි තිබුනු ඒ ගෙදර එක කාමරයක් තිබුනෙ පාළුවට රංජනී ගෙ බාල මල්ලි පිට කාමරේ
අයිති කරගෙන තිබුන ඉතුරු කාමරේ රංජනියි එයාගෙ අම්ම නන්දාවතියි පුංචි පුතයි හිටිය.රංජනී ගෙ මහත්තය
අසංක ඉන්නෙ සවුදි වල
                පාළුවට ගිය යට කියපු කාමරේ බාල්කයක රංජනී හිටියෙ එල්ලිලා
පැත්තට බර වෙච්ච ඹළුව දරදඩු වෙලා ගිය සිරුර හරිම භයානකයි දොරක් නැති ඒ කාමරේ දොර රෙද්ද ඈත් කර කර බය නැති මිනිස්සු රංජනී ව බලනව
'පත්තරෙං ඇවිත්' කවුදෝ කියනව
 'අනේ බුදු මහත්තයෝ පත්තරේට නං දාන්න එපා' රංජනී ගෙ නැන්දම්ම තමන්ගෙ පුතාගෙ නම්බුව බේර ගන්න හදනව
මරනයට හේතුව
               මරන පරීක්ෂක ඇවිත් මේ මරනය සියදිවි නසාගැනීමක් කියල තහවුරු කලා මරනයට හේතුව ගෙල සිරවී සු               ට දැඩි හානි සිදුවීම බව එයාම තහවුරු කලා.
ඇත්තටම මරනයට හේතුව එයද ඒ ගැන
මෙතැන් සිට සටහන් වන්නේ ඇගේ දින පොතින් උපුටා ගන්නා ලද සිදුවීම් කිහිපයකි.
සැ.යුතුය-යට සදහන් සිදධි මියගිය අය විසින් ඇගේ ම භාෂා විධියෙන් ඇගේ දින පොතේ සටහන් කරන ලද ඒවා වන අතර කතෘ විසින් වෙනස් නොකරන ලදී.
2009/07/04
              අද සුදු මහත්තයගෙ උපන් දිනේ
2009/08/21
              අසංක යාළුවෙක් ගෙ පාටි ගෙදරක ගියා
2009/08/22
              පුතාට උන ගත් දවස
2009/08/27
              මට දැන් යන්න ඹ්න
2009/10/11
              අවුරුදු දා හතරක් වවපු කොන්ඩය කපා දැම්මා
2009/10/15
              අම්මා ගේ පෙශර් පෙති...............(මෙම පිටුවෙහි ඉතිරි කොටස මිය ගිය තැනැත්තිය විසින් ඉරා දමා තිබුනි
2009/10/19
              ඇයි මං ජීවත් වෙන්නෙ අසංක වල් පෙරේතය
2009/12/12
              හරිම සතුටු දවසක් අද අසංක රට යනව
2010/03/26
              ලයිට් බිල් කාරය අද මං දිහා බැලුවෙ මහ මනමාල විදිහට
2010/04/02
              මං මහ පවුකාරියක් අජන්ත උබ තිරිසනා කාලකන්නිය
2010/04/03
              ජීවිතය දිහා හැරිල බලද්දි නෑ මං වැරදියි ඊයෙ වෙච්ච දේ ට අම්මෙ මට සමාවෙන්න අසංක දන්නවනං මාව මරාවි.
2010/07/21
              අජන්ත ට මූනටම කිව්ව
2010/11/12
               ගැල වීමක් නෑ මං මහ වේස ගෑනියෙක්
2011/01/07
              සුදු මහත්තයව පෙර පාසලට දැම්ම දවස
2011/02/03
              අම්ම මල්ලියි අක්කලහ ගිහිං අදට දවස් හතරයි මේ දවස් හතරම මට අජන්ත එක්ක ඉන්න වුන මම වැරදි නෑ එක අතකින් අසංක මාව බැලුවද
2011/04/10
මල්ලිට සැක හිතුනද දන් නෑ
2011/08/27
අම්මට අසනීප වුනෙ මං නිසාද මල්ලි මං ගැන අම්මට කිව්වද මට පිස්සු
2012/02/30
ඉස කකියනව ඹ්ක්කාරෙට වගේ මට මහ බයක් දැනෙනව අජන්ත නිසා මං අම්ම කෙනෙක් වෙන්න යනවද නෑ මට පිස්සු
2012/03/29
 අසංක  ජුනි මාසෙ එනවලු මම තීරනයක් ගන්නව
2012/05/01
          මං යනව පුතේ අසංක අම්ම ලොකු අක්කෙ මල්ලි සමාවෙන්න (මෙම පිටුව පුරා තීන්ත ඉරි)
ප.ලි
    අජන්ත යනු අසංකගේ නිවුන් සොහොයුරාය.

                

No comments:

Post a Comment