Thursday 18 October 2012

කනාටු පොල් ගස.

              ගේ ඉදිරිපිට කනාටු පොල් ගස දෙස බලා සිටි සෝමා
                                 "මේ ගහ ලබන සුමානෙවත් කපා දාන්න ඕනෑ"
යයි මැටි පිල මත වාඩිවී සිටි සිය සැමීයාට කීවාය.
                               " මේ   අල්ලේ පනල්ලේ ඕවට සල්ලි කොහෙන්ද ගෑනියෙ"
                                                              කීයක් හරි අතේ තිබුන මේ වියදං උන කාලෙ හැටී
"තෙල් ඉවරයි
හාල් නෑ
පිරෙනව පොත යන්න බෑ කඩේ පැත්ත පලාතෙ"
                                             තමුසෙ ඔය කොහෙද යන්න හදන්නෙ මේ ඇදිරියෙ
          බෙල්ල වැල දාගන්න ලණුවක් ගේන්න යන්නෙ
                                             ඇයි තමුසෙටත් ලණුවක් ගේන්නද
අරං එනව අරං එනව මෙහෙ එකට හිටිය වගේ එහෙත් එකට ඉන්න බැරිය කාලකන්න් වෙලා
                                                     අනේ නෙදකිං මේ ගෑනිගෙ අවලං කට
                                'දරුවෙක් නැති කමත් එක්ක මමත් මේ කනාටු පොල් ගහ වගේ තනි වෙලා'
මං යන්නෙ කඩේට ගෑනියෙ හනික එන්නං
                 හාල් තුනපහේ ටික............
මං ලග ඇති සල්ලියක් නෑ
                එහෙනං රෑට බඩගින්නෙ ඉන්නව
රත්‍රිය උදාවිය.පසු දින සදුදාවකි ඉන් පසුව අගහරුවාදාවකි පසුව ඉන් පසුවත් දවස් වසර ගෙවී ගියේය.
දැන් ඈ මැහැල්ලකි . සැමියා මළ
කනාටු පොල් ගසත් නැත.
                                      එහි මතකයක් හෝ නොතිබුනි ඇගේ හද තුල
තිබුනිනම් එදා කී වදන මතකයෙහි ඈ සතුව
              අදත් තෙපලනු ඇත.
 'දරුවෙක් නැති කමත් එක්ක මමත් මේ කනාටු පොල් ගහ වගේ තනි වෙලා'

No comments:

Post a Comment