Monday 22 October 2012

දාර්ශනිකයා.

අශ්වයෙක් මිලදී ගත් එක්තරා මිනිසෙක් රාත්‍රී කාලයේදී ඌ ආරක්ෂා කර ගැනීමට මිනිසෙකුට පැවරීය.රාජ කාරිය හරියට කෙරෙන්නේදැයි විමසා බැලීමට අශ්ව හිමියා හැන්දෑ යාමයේ පිරික්සුම් සවාරියක ගියේය.මෙසේ යනවිට නිදා සිටි මුරකරු දුටු අශ්ව හිමියා මහත් සේ මුරකරැට බැන වදින අතර මුරකරු පැවසුවේ නිදිවර්ජිතව සිට නුහුරු බැවින් සුළු පමාවකින් ම ඇස් පියවෙන පියවෙන බවයි.මෙයට උපායක් ලෙස අශ්ව හිමියා මුර කරුට පවසා සිටියේ

                                   ගැබුරු දාර්ශනික දේ කල්පනා කරන විට නින්ද නොයන බැවින් එවැනි දේ කල්පනා කිරීමෙන් අශ්වයා ආරක්ෂා කරගත හැකි බවත්ය

අශ්ව හිමියා පූර්ව රාත්‍රී භාගයේ දී නැවත පැමිනියේය.එවිට අහස දිහා බලගෙන සිටින මුරකරු දුටු හෙතෙම නැවතත් මුරකරු නින්දට වැටී ඇතැයි සිතා ළගට කිට්ටු වූ අශ්ව හිමියාට මුරකරු අවදිව සිටිනවා දකින්නට හැකිවූවා පමනක් නොව තමා කීලෙසම දාර්ශනික දේ කල්පනා කරමින් සිටින බවද පෙනී ගියේ මුරකරු ඇසූ ප්‍රශ්නයෙනි.

              නෑ සර් මම මේ කල්පනා කලේ අහසට තරු ගෙනත් දැම්මද අහසින් තරු ඉබේ හටග්තද කියලා

තමාගේ වදන අකුරටම පිළිපදින මුරකරු ගැන පැහැදෙන අශ්ව හිමියා ඹහුට මහත් සේ ප්‍රශංසා කොට ගියේ යළි රෑ මැදියම පැමිණ පරීක්ෂා කරන අටියෙනි.

           අශ්වහිමියා රෑ මැදියම එනවිට මුරකරු හිටියේ බිම බලාගෙනය.මෙවර නම් මුරකරු නින්දට වැටී ඇතැයි සිතූ අශ්ව හිමියා ඹහුට ළං වී අවදි කිරීමට යයි සිතා උරහිසට තට්ටු කරත්ම මුරකරු කියා සිටියේ

           නෑ සර් මම මේ කල්පනා කලේ මුහුදට වැලි කවුරු හරි ගෙනැල්ල දැම්මද මුහුදින් වැලි ඉබේ ඇති ඇති වුනාද කියාය.

            ක්‍රියාවලිය අඛන්ඩව ගලායාම පිළිබදව මහත් සතුටට පත් වූ අශ්ව හිමියා මෙවර පිටව ගියේ මුරකරුගේ පිටට තට්ටුවක් ද දමාය.යළිත් පාන්දර යාමයේ පරීක්ෂාවට පැමිනෙන අශ්ව හිමියාට දකින්නට ලැබුනේ මුරකරු කලින් මෙන් උඩ-බිම නොව කෙලින් මඅනන්තය දෙස බලා සිටිනවාය.මෙවර නම් දාර්ශනික ගැටලුව විශාල එකෙකැයි සිතා එය විමසන්නට අශ්ව හිමියා මුරකරුට ළං වෙද්දීම ඹහු කීවේ දෙලෝ රත් වෙන කතාවකි.

                       නෑ සර් මං කල්පනා කලේ අශ්වයාව කවුරුහරි හොරකම් කරගෙන ගියාද නැතිනම් ඌම හිතල ලිහාගෙන ගියාද කියල

අහ්වයා ඉස්තාලයේ නොමැති බව අශ්වහිමියේ දුටුවේ එවිටය.


Map picture

action-cartoon-cartoons-horse-22795949-0

No comments:

Post a Comment